පාතාලය මර්ධනය කරන්න ශ්‍රී ලංකාව ගෙන්වන අධි තාක්ෂණික ගැජට් මෙන්න.

පිටරට වල හැංගිලා පාතාල ගේම් ගහපු කාලේ ඉවරයි’ පාතාලය මර්ධනය කරන්න ශ්‍රී ලංකාව ගෙන්වන අධි තාක්ෂණික ගැජට් මෙන්න..!
මහජන සාමය නිරන්තරයෙන් බිඳ දමන පාතාලය දිනෙන් දිනම ක්‍රියාකාරී වෙමින් පවති. පාතාලය විසින් සිදු කළ මිනීමැරුම්, මංකොල්ලකෑම් පිළිබද පුවත් පසුගිය දිනවල නිරන්තරයෙන් අසන්නටද ලැබුණි. මෙම බොහෝ ඝාතන සහ මංකොල්ලකෑම් විදෙස් රටවල ජීවත්ව සිටිමින් මෙහයවන පාතාලයන් විසින් සිදු කර තිබෙන බවට අනාවරනය වී තිබේ.
මේ අනුව කොළඹ මෝදර ප්‍රදේශයේ ප්‍රකට පාතාල කල්ලි නායකයෙක්‌ බ්‍රිතාන්‍යයේ සිටින බව දැනටමත් හෙළිවී ඇති අතර ඔහු හිටපු දේශපාලනඥයෙකුගේ මිත්‍රයකු බවද අනාවරණය වී ඇත. ඊට අමතරව ඉතාලිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ස්‌විස්‌ටර්ලන්තය සහ එමීර් රාජ්‍යය යන රටවල සැගවී මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කල්ලි ක්‍රියාකාරීන් 70 ක්‌ සිටින බවද මේ වන විට හෙළිවී ඇත.
මෙම පිරිස විදෙස් රටවල ජීවත් වෙමින් යුරෝපයෙන් මිලයට ගත හැකි දකුණු ඇමරිකානු සිම්කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට අමතන බව හෙළිවී තිබේ. ඒ මාර්ගයෙන් මොවුන් විසින් පාතාලය සහ ජාවාරම් මෙහෙයවමින් සිටි.
ශ්‍රී ලංකාවේ පාතාලය මර්ධනය කිරීමේ ක්‍රියාවලියට සහය ලබා දීමක් වශයෙන් විදෙස් ගතව සිටින මෙම පිරිස කොටු කර ගැනීමට හැකි අධිතාක්ෂණික උපකරණ ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට සපයා තිබෙන බව වාර්තා වේ. මෙම අධිතාක්ෂණික උපකරණ මගින් සැගව සිටිමින් දුරකථන ඇමතුම් ලබා ගන්නා ජාවාරම්කරුවන් කොටු කර ගැනීමට හැකි බවද සදහන්.

0 comments