කාර් එක ඇතුලේ යතුර තියෙද්දිම කාර් එක ලොක් වුනොත් කාර් එකේ දොර අරින ක්‍රම

ඇත්තටම සමහර අවස්ථා වලදි අපි අපේ නොසැලකිල්ල නිසා මෝටර් රථයේ හෝ වෙනත් වාහානයක අගුළු දා යතුර පවා අමතක කරලා යන අවස්ථා තියෙනවා.එහෙමත් නැත්නම් යතුර මෝටර් රථය තුලම තිබෙන්නට හැර දොරවල් ලොක් කර යන අවස්ථාත් තියෙනවා.මෙන්න මේ වගේ වෙලාවට දොර ඇර ගන්න දෙන ට්‍රයි එක දන්නෙ මේ අත්දැකීමට මුහුණ දීපු කෙනෙක්ම තමයි.ඉතින් මෙන්න මේ වගේ වෙලාවට දොරවල්, අගුල් කඩන්නෙ නැතිව ලොක් එක ඇර ගන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් තමයි අද අපි ඔයාලට කියන්න යන්නෙ. බලන්නකො මේ වැඩ කෑලි ටික ගැන මීට කලින් දැනගෙන සිටියද කියලා.

01. ටෙනිස් බෝලයක් භාවිතා කරන්න

ගොඩක් දෙනෙක් මේ ක්‍රමය ගැන සැක පහල කරනවා.මොකද ටෙනිස් බෝලයකින් කොහොමද ලොක් එකක් අරින්නෙ කියලා ඔයාලට ගැටළුවක් ඇති.කොහොම වුනත් මේ ක්‍රමය සාර්ථක අත්හදා බැලීමක් කියල තමයි පමණක් අය නම් කියන්නෙ. ඔයාට කරන්න තියෙන්නෙ සුළු දෙයක් විතරයි.
ටෙනිස් බෝලයක් අරගෙන එහි සිදුරක් සාදා ගන්න.පසුව එම සිදුර ඇති තැන ලොක් කරපු දොරේ ඉහලින් තබා වේගයෙන් දොර තල්ලු කරන්න. ඉන්පසු ලේසියෙන්ම ලොක් එක ඇර ගන්න පුළුවන්.
02. සපත්තු ලේස් එක භාවිතා කරන්න.

මෙයත් ඉතා හොද ක්‍රමයක්. ඔබට කරන්න තියෙන්නෙ පොඩි වැඩයි. ඔබේ සපත්තුවේ ලේස් පටිය ගෙන එහි ඇති ප්ලාස්ටික් කූර වගේ කෑල්ල ලොක් කරපු දොරේ ලොක් එක තුලින් දමා එය හොදින් වහානයේ දොර අරින තැනින් පටලවන්න.පසුව දොර වේගයෙන් ලේස් එක ආධාරයෙන් අදින්න.එමගින් ලොක් එක ඇරගන්න ඔබට පුළුවන් වෙයි.
03. ඇදුම් එල්ලන හැංගරය භාවිතා කරන්න

ඔබ ඇදුම් එල්ලන හැංගරයේ ඇති කම්බි ආවරණය ගෙන එය කොක්කක් ලෙස සාදා ගන්න පසුව එය දොරෙහි අගුල තුලට දමා අදින්න.එමගින් ලොක් වූ දොර විවෘත කර ගත හැකිය.
04. ඉස්කුරුප්පු නියනක් භාවිතා කරන්න

ඇත්තටම මෙය පරිස්සමෙන් කළ යුතු වැඩක් මොකද නියනක් යොදා අගුළු ඇරීමේදි මෝටර් රථයේ අභ්‍යන්තරයට හා පිටත දොරට හානි විය හැකියි.ඒ නිසා කල්පනාකාරීව මෙය අත්හදා බලන්න. ඔබට කරන්න තියෙන්නෙ ලොක් වුන අගුලට නියන දමා පොලු කැබැල්ලෙන් අගුල තල්ලු කරන එක ලේසියෙන්ම ලොක් එක ඇරගන්න එමගින් ඔබට පුළුවන්
05. තීන්ත සීරීමට හා මිශ්‍ර කිරීමට ගන්නා ස්පැටුයිලා උපකරණයක් භාවිතා කරන්න

මෙහිදී මෙම ස්පැටුයිලා උපකරණය ලොක් වූ දොරෙහි ලීවරයට ඇතුළු කර දොර තදින් තල්ලු කිරීම මගින් අගුළු ඇර ගත හැකිය.
06. හුළං පිරවිය හැකි කූඤ්යක් සහිත උපකරණයක් භාවිතා කරන්න

මෙය වෙළද පොළේ ඇති මිලෙන් අධික උපකරණයකි. බොහෝමයක් මෝටර් රථ හිමිකරුවන් මෙය මිලදී ගන්නේ ද හදිසි අවස්ථා වලදී යතුර අමතක වූ විට අගුළු ඇරීම සදහාය. මෙහි ඉස්කුරුප්පුවක් වැනි කොටසක් ඇති අතර එය අගුලට දමා තද කොට දොර තල්ලු කිරීමෙන් අගුල විවෘත කර ගත හැකිය.
07. ප්ලාස්ටික් පතුරක් භාවිතා කරන්න

ලොක් වී ඇති දොරෙහි අගුල අතරට ප්ලාස්ටික් පතුරක් දමා දොර මැදින් තල්ලු කර අගුල ඉවත් කර ගන්න.
08. ඔබගේ මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙක් හට අමතා ඔහුගේ සහාය පැතීමට ඔබට හැකියාව ඇත.

09. අගුලු අරින උපකරණයක් භාවිතා කරන්න

ලොක් අරින උපකරණ ගැන ඔබ දන්නවා නම් එම උපකරණයක් භාවිතා කොට අගුලු ඇරගත හැකිය.
10. අගුලු ඇරීමට දන්නා වෙනත් පාර්ශවයක සහාය ලබා ගන්න

ලොක් වූ මෝටර් රථ හෝ වෙනත් ඕනෑම වාහානයක අගුලු ඇරීමට දන්නා නියෝජිතයෙක් අමතා ඔහුගේ උපදෙස් හෝ උපකාර ලබා ගන්න.

0 comments