සඳපානේ නෙළන තේ දළු
ඩර්ජීලිං අවට පිහිටා ඇති තේ වතු 87 හි නෙළන සෑම තේ දල්ලක්ම මිහිරි මිදි රසයෙන් යුත් තේ පානයක් ලබාදෙයි. නමුත්, නගරයේ සිට කිලෝ මීටර් 33 ක දුරින් පිහිටි කර්මාන්ත ශාලාවක ඇති ඉතාමත් දුර්ලභ වර්ගයේ තේ වගාවක් අන් සියළුම තේ වර්ග වලට වඩා කීර්තියක් දරයි. "මූන්ලයිට් සිල්වර් ටිප්ස්" යන නමින් හැඳින්වෙන මෙම තේ වර්ගය, මකයිබාරි තේ වත්තේ නිෂ්පාදනයකි.
ඉතා පළපුරුදු සේවකයින් මෙම තේ දළු නෙලන්නේ මැදියම් රැයත් පාන්දර 3 ත් අතර කාලය තුලදී වෙයි. එයද, පුර්ණ චන්ද්‍රයා පායා ඇති ජුනි මාසයේ රාත්‍රියක පමණි. චීනයේ වගාකරන ඌලං තේ වර්ගයට සබඳකමක් ඇති මෙම තේ වර්ගය, 2014 වසරේදී, කිලෝ ග්‍රෑම් 1 ක් ඩොලර් 1850 කට අළෙවි විය. එය ඉන්දියානු තේ කිලෝ ග්‍රෑමයක් අලෙවියෙන් ලබා ඇති ඉහළම ආදායම වෙයි. වරකට නිපදවනු ලබන්නේ තේ ග්‍රෑම් 12ක් අඩංගු කුඩා බෝතල් 420 ක් පමණි. එක කුඩා බෝතලයකින් තේ කෝප්ප 10 ක් සෑදිය හැකි වේ. පෙරාගත් ජලය භාවිතා කිරීමෙන් උපරිම රසය ලබාගත හැකිවේ.











0 comments