සිංගප්පුරුවේ සිට නිව් යෝර්ක් දක්වා නොනවත්වා පියාසර කල ලෝකයේ දීර්ඝතම ගුවන් සැරිය.
සිංගප්පුරුවේ සිට නිව් යෝර්ක් දක්වා ගුවන් ගමන පැය 17 මිනිත්තු 25 ක් වුවද අවශ්‍යතාවයක් මතුවුවහොත් , පැය 20 ක් නොකඩවා ගුවනේ පියාසර කිරීමට අවශ්‍ය ඉන්ධන මෙම නව යනාවේ ගබඩා කල හැක
සිංගප්පුරු ගුවන් සේවයට අයත් එයාර් බස් A 350-900 ULR (ultra long range ) ගුවන් යානය එන්ජින් දෙකකින් සමන්විත වේ,, එමෙන්ම මෙම යානයේ ඉන්ධන දහනය වෙනත් යානා වලට වඩා අඩුවෙන් වැය වෙන ලෙස නිපදවා ඇත... සිංගප්පුරුවේ සිට නිව් යෝර්ක් දක්වා ගුවන් ගමනට ගුවන් නියුමුවන් දෙදෙනෙකු එක්වන අතර එක් අයෙකුගේ සේවය පැය 8කට පමනක් සිමාවන අතර ඉන් පසු ඔහුට විවේක ගැනීමට පහසුකම් සලසා ඇත .එමෙන්ම කාර්යය මණ්ඩලයේද පළමු නිලධාරින් දෙදෙනෙකු හා තවත් 13 දෙනෙකු සේවයට එක් කර ඇත..,,මෙම ගුවන් යානයේ ගමන් ගන්නා මගීන්ට පුර්ණ ආහාර වේල් දෙකක් ලබා දීමටත් අමතරව අවශ්‍යතාවය මත ආහාර පාන ඉල්ලුම් කර ලබාගැනීමටත් පහසුකම් සලසා ඇත..ආහාරපාන විශේෂ අයුරින් තෝරා ගැනීමකට ලක් කර ඇත .. .. ,මගීන්ට සතියක කාල සීමාවකට නැරඹිය හැකි චිත්‍රපටි හා ,රුපවාහිනී දර්ශන ඇතුලත් වන පරදී පහසුකම් සලසා ඇත .අතර අවශ්‍ය පරදී තමන්ට තෝරා ගෙන නැරඹිය හැක ...
මෙම ගුවන් ගමනේදී මගීන්ට වඩාත් සුවපහසු ලෙස නිදා ගැනීමේ පහසුකම්ද සලසා ඇත ,,
සිංගප්පුරු ගුවන් සේවය මෙම ගමනාන්තයම එනම් සිංගප්පුරු සිට නිව් යෝර්ක් දක්වා මෙයට පෙරද 2004 සිට 2013 දක්වා ගුවන් වාර වල නිරත වූ අතර, එවර යොදා ගත්තේ එයාර් බස් A 340- 350 ගුවන් යානයයි ,,එහි එන්ජින් හතරකින් සමන්විත වූ අතර එම නිසා වැය වන ඉනධන ප්‍රමාණය ඉහල යාම නිසා ගුවන් සමාගමට පාඩු ලැබීම මත මෙම ගමනාන්තය 2013 දී නවතා දමන ලදී .. ,,වැය වන ඉනධන ප්‍රමාණය ඉහල යාමට අමතරව එයාර් බස් A 340- 350 ගුවන් යානය එන්ජින් 4 කින් යුක්ත වීමෙන්, ගුවන් යානයෙන් වැඩි ඉඩ ප්‍රමණයක් එන්ජින් 4 ට වෙන් කිරීමට සිදුවීම නිසා , ප්‍රවාහනය කල හැකි මගින්ද, භාණ්ඩද සදහා ඉඩකඩ අවම වී තිබීමත් හෙයින් ගුවන් සමාගම පාඩු ලැබීමට එයත් හේතු විය ..
දැන් දැන් ගුවන් සමාගම් නොකඩවා වැඩිම දුරක් පියාසර කිරීමේ වාර්තාව තම තමන් හිමි කර ගැනීමේ තරගයක නිරත වී ඇත,,,,ලෝකයේ ගුවන් සමාගම් නොකඩවා වැඩිම දුරක් පියාසර කිරීමේ වාර්තා 10 හිමි ගමන් වාර හිමි සටහන් රුප සටහනක දැකිය හැක ..
සිංගප්පුරුවේ සිට නිව් යෝර්ක් දක්වා කිලෝමීටර 15 344ක් දුරක් ගමන් කල මෙම යානය A 350-900 ULR වන අතර ගමන් වාරය SQ 22 නම් වේ
CNN මෙම දුර 16700 KM ලෙසද BBC 15 344 KM ලෙස ද වාර්තා කල බව කරුණවෙන් සලකන්න
-------
ජෝසප් ඩයස්












0 comments