‘ලසිත් මාලිංග මට අතවර කලා..’- ඉන්දීය ගායිකාවක් චෝදනා කරයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තමනට අතවර කළේ යැයි ඉන්දීය ගායිකාවක් විසින් චෝදනා කර ඇත.
ඉන්දීය ගායිකා චින්මායි ශ‍්‍රීපාදා විසින් සිය සමාජ ජාල පිටුවේ සඳහන් කර ඇත අයි.පී.එල්. තරගාවලිය අතරතුර මුම්බායි හෝටල් කාමරයේදී මෙම අතවරය සිදු වූ බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාද්‍යන්හි අදහස් පළ වෙන්නේ මේ දිනවල ඉන්දියාවේ පැතිර යමින් ඇති #MeToo ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් නිසා ඇතැමුන් මේ ආකාරයේ අසත්‍ය සිදුවීම් නිර්මාණය කර පළ කරන බවය.

0 comments