තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි
තම සහෝදර කලා ශිල්පීන් අතර රොනී අයියා වූ ඔහුගේ කටහඬ නැවතත් කිසිදිනෙක වේදිකාවේ නොඇසෙනු ඇති. ඒ රුව කිසිදිනෙක රිදී තිරයේ දකින්නට නොලැබෙනු ඇති. එනමුත් තම ආදරණීය සගයාට ගෞරවයෙන් සමුදෙන්න කලාකරුවන් සූදානමින් ඉන්නවා.
තම සහෝදර ශිල්පියාගේ අවසන් මොහොතද දුටු ඇයට මොනවා හිතෙන්න ඇතිද?. ඇය ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කොහොමද?. මරියසෙල් ගුණතිලක… ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ඉදන් තවමත් හීනයක් වගේ දැනෙන ඒ අවස්ථාව ගැන අපිට කිව්වේ මේ විදිහට.
කුස්සියේ වැටිලා ඉන්නවා දැක්කහම මට හිතාගන්න බැරිවුණා – මරියසෙල් ගුණතිලක
සෙනසුරාදා රැ මමයි රොනීයි පර්ත් නුවර තිබුණ ඩිනර් ඩාන්ස් ප‍්‍රසංගයකට සහභාගි වුණා. ප‍්‍රසංගයත් බොහොම සාර්ථකව අවසන් වුණා. ඉරිදා රැ අපි යාළුවෙකුගේ ගෙදර රැ කෑමකට ගියා. එයින් පස්සේ රැ 12 ට විතර තමයි මම අවසන් වතාවට රොනීව දැක්කේ. ඒ මොහොතේත් කිසිම අසනීපයක් තිබුණේ නෑ.
සදුදා උදේ 7.30 ට විතර මම කුස්සියට ගියා තේ එකක් හදාගන්න. ඒ වෙලාවේ තමයි මම දැක්කේ රොනී කුස්සියේ වැටිලා ඉන්නවා. මට කිසිදෙයක් හිතාගන්න බැරිවුණා. පුළුවන් ඉක්මණින් ප‍්‍රසංග සංවිධායකටයි ගිලන් රථයකටයි කතා කරලා ඔහු රෝහලට අරගෙන ගියා. නමුත් එහිදී කිව්වේ රොනී මිය ගිහින් කියලා.
අවසන් වරට රොනීට සමුදීමේ වගකීම කරට අරගෙන තියෙන්නේ ගායක ගායිකාවන්ගේ සංගමයයි. එහි සභාපති කීර්ති පැස්කුවෙල් රොනී ගැනත් ඔවුන්ගේ සූදානම ගැනත් මෙහෙම කිව්වා.
උපන්දිනයට කලින් ඒ ගමන යන්න සිද්ධවුණා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්
රොනී ලීච් කියන්නේ ඉතාමත් හිත හොද කලාකරුවෙක්. ඒ වගේම වේලාවට වැඩ කරන අවංක කලාකරුවෙක්. ඔහු නිතරම ජීවත්වුණේ බොහොම සරල විදිහට. කවුරු හරි ආරාධනයක් කළා නම් ඔහු සහභාගිවෙනවා. මුදල් බැලූවේ නෑ. තරාතිරම බැලූවේ නෑ. සමාජයට ලැදියාවක් තිබුණා. ඒ නිසාම රොනීට තරහකාරයෝ හිටියේ නැහැ. මේ වගේ කලාකරුවෝ බිහිවෙනවා බොහොම අඩුයි. ඔහුගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ මේ මාසේ 19 වැනිදාට. ඒත් ඊට කලින් ඔහුට ඒ ගමන යන්න සිද්ධ වුණා. ගායක ගායිකා සංගමය විදිහට කලාකරුවෝ අපි හැමදෙනාම රොනී වෙනුවෙන් කරන්න පුළුවන් සියලූම කටයුතු ඉටුකරන්න සූදානමින් ඉන්නවා.
තාත්තා හාස්‍ය රසයෙන් රටම හිනැස්සුවා – දියණිය කේෂියා ලීච්
තාත්තාගේ හදිසි සමුගැනීමෙන් ශෝකයට පත්ව සිටියත් රොනීගේ දියණිය කේෂියා ඇස්වල කදුළු පුරවාගෙන තාත්තා ගැන කිව්වේ මේ විදිහට.
මගේ තාත්තා හාස්‍ය රසයෙන් රටම හිනස්සපු කෙනෙක්. ඒ වගේම අපේ පවුලටත් බොහොම ආදරෙන් හිටියා. හදිස්සියේම මේ සිද්ධ වුණු දේ අපිට අදහාගන්නවත් බැහැ. තමන්ගේ තාත්තාගේ වියෝවත් එක්ක ඕනෑම දුවකුට දැනෙන වේදනාව අද මටත් දැනෙනවා. ඒ තාත්තා ගෙනාපු ආයුෂ වෙන්න ඇති. අපි ඒක දරාගන්න පුරුදු වෙන්න ඕනෑ. ඒ වේදනාව එයාට දැනෙන්න දෙන්න හොද නැහැ. තාත්තා නැති අඩුව අපේ පවුලට වගේම රටටත් දැනේවි.
ගොසිප් සි ලංකා









0 comments