ගාලු තරගය යන අතරතුර බෝඩ් ප්‍රදර්ශණය තහනම් කෙරේ

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (06) සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම වළක්වාලමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා වාරණයක් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එහිදී ගාල්ල පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු ලබා නොදීමට විරෝධය දක්වා පිරිසක් ක්‍රීඩාංගණය තුළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
මේ අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කොට දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මාතර කොට්ඨාසයට මාරු කරන දෙදෙනකු මෙම කටයුතු සංවිධානය කරන බවට තොරුතුරු ලැබි ඇති බව එහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.

0 comments