කටුවාපිටිය බෝම්බයෙන් දෙමව්පියන් අහිමි වූ මලිත් කිව්ව කතාව

සමහර නිවෙස්වල මුළු පවුලම බෝම්බයට හසුවී දිවියෙන් සමුගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඒ අවට ප්‍රදේශයේ එම බෝම්බයට ගොදුරු වී මිය ගිය හෝ තුවාල ලැබූ අය නොසිටින නිවසක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම තරම් අසීරුය. අපි මේ කියන්න යන්නේ මේ බෝම්බයෙන් දිවි බේරාගත් තවත් අයෙක්ගේ කතාවක්.
මේ බෝම්බයෙන් මගේ අම්මයි තාත්තායි දෙන්නාම නැති වුණා. ලොකු අම්මා නැති වුණා. අහල පහළ දන්න කියන හිතවතුන් නැතිවුණා. අපේ අම්මාගෙයි තාත්තාගෙයි අවසන් කටයුතු නිසා අපිට ලොකු අම්මාගේ මළගෙදරටවත් යන්න බැරි වුණා. අහල පහල ඒවාට යන්න වෙලාවක් තිබුණේ නැහැ. යනුවෙන් මලිත් විමාන පැවසුවේ කනස්සල්ලෙනි. ඔහුගේ පියා රොහාන් මාසලස් විමාන ය. මේරි නෝමන් ශාන්ති ඔහුගේ මව ය. එදා ඔවුන් දෙදෙනා දේව මෙහෙයට සහභාගි වී තිබුණේ බාරයක් ඔප්පු කිරීමේ අරමුණ ඇතිවය.
එනම් මේරි නෝමන් ශාන්තිගේ පාදයේ ආබාධයකට සැත්කමක් කර තිබිණි. මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් දේව මෙහෙයෙන් අනතුරුව පැවැත්වෙන විදී සංචාරයට ඈ සහභාගි වන බවට බාර වී තිබිණි. ඔවුන් දෙදෙනා එදා දේව මෙහෙයට සහභාගි වූයේ මෙම බාරය ඔප්පු කිරීමේ බලාපොරොත්තුවෙනි.
එහෙත් මලිත් සහ ඔහුගේ සොයුරිය ඉරිදා උදෑසන පාස්කු දේව මෙහෙයට සහභාගි වූයේ නැත. ඔවුන් දෙදෙනා සෙනසුරාදා රාත්‍රියේ පැවැති දේව මෙහෙයට සහභාගි වූයේ නිවෙස ඉදිරිපිටින් වීදි සංචාරය කරන විට මඟ දෙපස සැරසීමේ කටයුත්ත ඉරිදා උදෑසන සිදු කළ යුතු නිසාය.
පල්ලියේ බෝම්බය පුපුරපු සද්දෙ ගෙදරට ඇහුණා. ඒ වෙලාවෙම මම පල්ලියට දුවගෙන ගියා. මම අම්මගෙයි තාත්තිගෙයි මළ සිරුරු හඳුනා ගත්තා. බරපතළ විදිහට හානි වෙලා තිබුණා. මම ඒ දෙන්නා ළඟම හිටියා. ඒ වෙලාවේ. කුඩුකාරයෝ පල්ලියට ඇවිත් මාල, මුදු ගලවන්න පටන් ගත්තා. ඊට පස්සේ පොලිසියට සිද්ධ වුණා. පල්ලියට එන අයව නවත්වන්න. යනුවෙන් නොමිනිසුන්ගේ මිලේච්ඡ ක්‍රියා හමුවේ සිදු වන නොමිනිසුන්ගේ තවත් පහත් ක්‍රියාවක් මලිත් විස්තර කළේය.

0 comments