ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය – 2018 (2019)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය – 2018 (2019)
පොදු සුදුසුකම්
  1. ශ්‍රී ලාංකික පිරිමි පුරවැසියෙකු වීම.
  2. උස අඩි 5යි අඟල් 06ක් තිබීම.
  3. ඇස් පෙනීම – ඇස් කණ්ණාඩි නොමැතිව “ඒ 2” දෘෂ්ඨි ප්‍රමාණයක් තිබිය යුතුය.
  4. පපුව අඟල් 32ක් තිබීම
  5. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
  6. ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම
  7. 2019.06.18 වන දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 40ට නොවැඩි විය යුතුය.

වැටුප් පරිමාණය – රු.29,5407 x 30027 x 370 41,630
විභාග ගාස්තු
විභාග ගාස්තුව රු. 600/-කි. එම මුදල විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශිර්ෂ 20-03-02-13 ට බැරවන සේ දිවයිනේ පිහිටි ඕනෑම තැපැල්, උප තැපැල් කාර්යාලයකට ගෙවා අයදුම්කරුගේ නමින් ලබා ගන්නා ලදු පත අයදුම්පතේ නියමිත ස්ථානයේ අලවා එවිය යුතුය.
අපේක්ෂකයාගේ අනන්‍යතාවය
විභාගයෙදී තම අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ,
  1. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ජාතික හැඳුනුම්පත හෝ
  2. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල වලංගු විදේශ ගමන් බලපත්‍රය
  3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කල වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල යුතුය.

විභාගය
විභාගය සිංහල, දෙමළ සහ මාධ්‍යයෙන් කොළඹ දී පැවැත්වේ.
පහත සඳහන් විෂයන් 02 ට අදාලව ලිඛිත පරීක්ෂණය පැවැත්වේ.
විෂයය                                                මුළු ලකුණු           සමත්වීමට අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය
  1. බුද්ධි පරීක්ෂණය                               100                                  50
  2. භාෂාව හා රචනය                              100                                  50

සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2019.06.18 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන හා විදේශ විභාග ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ. 1503, කොළඹ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සහ වැඩි විස්තර පහත ගැසට් නිවේදනයේ දැක්වේ.

01

02

03

04

0 comments