සාලිට හා හිස්බුල්ලාට ඉල්ලා අස්වන්නැයි ජනපති දැනුම්දෙයි- නැත්නම් දැඩි තීන්දුවක්

බස්නාහිර
පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.
හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අද (03) දිනයේදී ඔවුන් දෙදෙනාට සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ. එසේ නොමැතිවුවහොත් තමාට දැඩි තීරණයක් ගැනීමට සිදුවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.
ජනාධිපතිවරයා විසින් අස්වීමේ ලිපිය එවීමට ප්‍රථම ආණ්ඩුකාරවරුන් දෙදෙනා එය යොමු කිරිම කාලෝචිත තීරණයක් වනු ඇති බවද ජනාධිපති කාර්යාලය විසින් ආණ්ඩුකාරවරුන් දෙදෙනා හට දන්වා ඇති බවද වාර්තා වේ.

0 comments