පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ලොව සංචාරය කිරීමට හොදම රට ශ්‍රී ලංකාවයි : "ලෝන්ලි ප්ලැනට්" සඟරාව

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ් ප්‍රහාරවලින් පසුවද
ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝ
ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කරනවා.
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 - ලෝන්ලි ප්ලැනට්’ කෘතියට අනුව මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබේ.
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැළකිය යුතු පසුබැසීමකට ලක්වූ අතර ප්‍රහාරයට පසු සතියේදී ශ්‍රී ලංකාව තුළ නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම් 186%කින් පහත වැටුණු බව සංචාරක උපදේශක ආයතනයක් වන ‘ෆෝවර්ඞ්කීස්’ උපුටා දක්වමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කර ඇත.
දේශගවේෂණය, අධ්‍යාපනය ලැබීම, සංචාරය කිරීම යනාදිය වැළැක්වීමට පාස්කු ඉරිදා ප්‍රහාර වැනි සිදුවීම්වලට ඉඩ නොදිය යුතු යුතු බවත් එවැනි කනගාටුදායක සිදුවීමත් සිදුවුවත් ශ්‍රී ලංකාව තවමත් ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන් බවත් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවේ නවතම ලිපියේ සඳහන්ව තිබේ.
මේ වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව ඇත. එහි ඉතිරි ස්ථාන හතට පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවල් නම් කර ඇත.
nethnews.lk

0 comments