අයිලියන් මෝර් ප්‍රදීපාගාරයේ අභිරහස - The Eilean Mor Lighthouse Mystery

මුලින්ම කියන්න ඕනි ගොඩක් දෙනා මේ කතාව නැත්නම් සිද්ධිය වෙනත් ආකාරයකින් කියවලා තියෙනවා වෙන්න පුලුවන් ඒ තමයි මට මතක විදියට ෂර්ලොක් හෝම්ස් ගේ ප්‍රදීපාගාරයේ වික්‍රමය කියන එක, මම වැරදිනම් මාව නිවැරදි කරන්න මතක විදියට තමයි කිව්වේ, මේ සිද්ධිය ආතර් කොනන් ඩොයිල් ලියන්නේ එක්තරා සථ්‍ය සිද්ධියක් පාදක කරගනිමින්. ඒ තමයි අයිලියන් මෝර් ප්‍රදීපාගාරයේ සිදුවූ අභිරස් සිදුවීම, පාඨක ඔබ වෙනුවෙන්ම මේ දිගහ් අයිලියන් මෝර් ප්‍රදීපාගරයේ සිදුවූ සථ්‍ය සිද්ධි දාමයත් ඒ සමග සම්භන්ධ වන විවිධ අතුරු සිද්ධීන්වලත් එකතුවක අසංෂිප්ත පැහැදිලි කිරීමයි.
--------------------------------------------------------
ජනාවාසකරනයට ලක් නොවූ පාෂාන සහිත දුපත් සමූහයකින් සමන්විත ෆ්ලැනන් දූපත් පිහිටා තිබෙන්නේ ස්කොට්ලන්තයට පිටතින් පිහිටි හෙබ්‍රයිඩ්ස් පෙදේශයේය.මුල සිටම කුතුහලයෙන් පිරි ඉතිහාසයකට උරුමකම් කියන මේ හුදකලා දූපත් සමූහය වඩාත් ප්‍රසිද්ධියට සහ ප්‍රචාරයකට පත්වන්නේ 1990 වසරේ සිදුවන එක්තරා ගුප්ත සිද්ධියක් හේතුවෙනි. එනම් මෙහි පිහිටා ඇති ප්‍රදීපාගාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙකු හදිසියේම අතුරුදහන් වීමයි.අවාසනාවකට අද දක්වාම මේ සම්භන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂනයක් ඉදිරිපත් කිරීමට කිසි කෙනෙකු සමත්ව නැත්තේ මේ සම්භන්ධයෙන් සිදුවුනු සිදුවීම් කිසිවක් එකට ගලපා උපකල්පනය කිරීමට යාමේදී පැන නගින සංකීර්ණ සහ පැහැදිලි කල නොහැකි සිද්ධි වලදී ඒ සදහා හේතූන් සහ හේතුභූත විය හැකි ප්‍රායෝගික මත කිසිවක් නොමැති නිසා විය හැකිය.
--------------------------------------------------------
අයලින් මෝර් දූපත සහ ප්‍රදීපාගාරය
--------------------------------------------------------
දූපත තුල පිහිටා ඇති මෙම ප්‍රදීපාගාරය සක්‍රීය කරන ලද්දේ 1971 වසරේදීය. කෙසේ නමුත් ඒවන විටත් ෆ්ලැනන් දූපතේ ස්ථිර පදිංචිකරුවන් කිසිවෙක් සිටි බවට සහතික කරන වාර්තා කිසිවක් නොමැති නිසා එදා පටන්ම මෙම දූපත මිනිස් වාසයෙන් තොරව පැවති බව උපකල්පනය කල හැකිය. මෙම දූපතේ මිනිසා විසින් නිර්මානය කර ඇති එකම ව්‍යුහය වන්නේ 7 වන ශතවර්ශයේදී පමන අයර්ලන්ත සාන්තුවරයකු වන අයලින් මෝර් (මේ දූපත පසුව ඔහුගේ නමින් නම් කර තිබේ) විසින් සාදන ලද ගල් පල්ලියක් පමනි. මේ ෆ්ලැනන් දූපත් සමූහය පිහිටා ඇත්තේ ඔවුන්ට ආසන්නතම මනුෂ්‍ය වාසස්ථානයේ සිට එනම් අයිල් ඔෆ් ලුවිස් හි සිට සැතපුම් 20ක් එනම් කි.මී 32ක පමන දුරින්ය. ෆ්ලැනන් දුපත් සමූහයේ පිහිටා ඇති විශාලතම දූපත වන්නේ අයලින් මෝර් දූපත වන අතර ප්‍රමානයෙන් මෙය අක්කට 17.5ක් තරම් විශාලත්වයක් උසුලයි.කෙසේ නමුත් සමහර ජනප්‍රවාදවලට අනුව නම් මේ දූපත විවිධාකාරයේ හොල්මන් හා සම්භන්ධව ප්‍රසිද්ධියක් ලබා තිබේ එහෙත් ඒවැනි ජනප්‍රවාද මේ සිද්ධියත් සමග සම්භන්ධ කල හැකි ආකාරයක් නොමැත.අතීතයේ මෙහි ශාන්ත ෆ්ලැනන් සහ ඔහුගේ අනුගාමිකයන් වාසය කර ඇති අතර කෙටි කලකින් ඔවුන් මෙම දූපත් අතහැර දමා ගොස් ඇත. කිසියම් පැහැදිලි කල නොහැකි හේතුවක් නිසාම මේ සිද්ධියෙන් පසුව මෙම දූපත් සමූහය භයානක ආත්මයන්ගෙන් පිරුනු අවාසනාවන්ත තැනක් විදියට හදුන්වා ඇත. මේ හා සම්භන්ධ වන ඇතැම් මිත්‍යා කතනදර වලදී රාත්‍රියේ මෙහි සිටින යෝධ කුරුල්ලන් සහ කුඩා මිනිසුන් වර්ගයක් ගැන සදහන් වේ. සත්‍ය වශයෙන්ම එවැනි ආකාරයේ සිද්ධි නිසා ශාන්ත ෆ්ලැනල් සහ පිරිස මේ දූපත අතහැර ගියාද? ඒ පිළිබදව දන්නේ ඔවුන්ම පමනි කෙසේ වෙතත් එහි සථ්‍ය අසථ්‍ය භාවය ඔවුනුත් සමගම ඉතිහාසයෙන් සැගව පවතී. කෙසේ වෙතත් පදිංචිකරුවන්ගේ හිගය නිසාම සමහරවිට මේ දිවයිනේ අවතාරවල පැවැතම වැඩි වන්නට ඇත. ඊට අමතරව මේ ආසන්නයේ ඇති ගල් පර නිසාම මේ අවට යාත්‍රා කරන නැව් වලට දැඩි අපහසුකම් වලට ලක්වීමට සිදුවුනි. මීට එක් පිලියමක් ලෙස මෙහි පවතින ප්‍රදීපාගාරය වසර 1899 දී ඉදිකරන ලදී, ප්‍රමානයෙන් මෙහි උස අඩි 74 ක් පමන වේ.
--------------------------------------------------------
මාෂල්, ඩුකැට් සහ මැකාතර්ගේ අතුරුදහන් වීම
--------------------------------------------------------
මෙහි සේවය කිරීමට සේවකයන් තිදෙනෙක් යොදවා තිබුනා, සාපේක්ෂව ගත් කල හුදකලාව හැරුනු කොට මොවුන්ට තිබුනේ ඉතා සුළු වැඩ කොටසක් පමනයි, ඒ නිසම මෙහි වැඩ අනිත් ජීවනෝපායන්ට සාපේක්ෂව ගත් කල වඩා පහසුවෙන් කල හැකි ආකාරයේ ඒවායි.සේවා මුර අනුව මෙහි වැඩකල මොවුන් තිදෙනාට සෑම වැඩ මුරයක්ම අවසානයේ සති දෙකක් නිවාඩුවක්ද හිමිවුනා.කෙසේ වෙතත් අවසනාවන්ත ලෙස තම ඉරණමට මෙම දූපතේදී මුහුන දුන්නේ ජේම්ස් ඩුකට් (වයස 43), ඩොනල්ඩ් මැක් ආතර් (වයස 40), තෝමස් මාෂල් (වයස 28) යන පුද්ගලයින් තිදෙනායි. ඔවුන් අතර එකිනෙකාට නොකිවූ රහස් හෝ එකිනෙකා අතර එකිනෙකා පිලිබදව විශ්වාස කල නොහැකි ආකාරයේ සිද්ධි පවා සමහරවිටක සිදුවන්නට ඇත.
--------------------------------------------------------
ප්‍රදීපාගාරය විවෘත කර වසරක සංවත්සරයෙන් ටික කලකට පසුව දූපතේ යමක් අමුතු විදියට වෙනස් වෙලා තිබුනා. දෙසැම්බර් 15 වන දින ස්කොට්ලන්තයේ ලයිත් වෙත යන තම ගමනේදී මේ ප්‍රදේශය පසු කරමින් සිටි කැප්ටන් හොල්මන් දුටුවේ (හොල්මන් යනු ඔහුගේ නමයි) ප්‍රදීපාගාරයේ යම් අමුත්තක් පවතින බවයි, වෙනස මදක් නිරීක්ෂනය කල ඔහුට ඉක්මනින්ම් ප්‍රදීපාගාරයේ වෙනස් අවබෝධ වුනා එනම් ප්‍රදීපාගාරයේ නැව්වලට පාර පෙන්වන අධි බලැති විදුලි පහන ක්‍රියාත්මක වුනේ නැහැ. කොස්මොපොලිටන් ලයින් ස්ටීමර්ස් නම් ආයතයට ඔහු මේ පිලිබදව දන්වා ඒ වෙලාවෙම පණිවිඩයක් යැව්වා. කෙසේ නමුත් අවාසනාවකට වගේ මේ ආයතනයට මේ පිළිබදව සී එල් එස් උතුරු ප්‍රදීපාගාර මණ්ඩලයට දැනුම් දීමට අමතක වුනා. තත්වය වඩාත් නරක අතට හැරීමට තවත් හේතුවක් වූයේ කලින් සදහන් කල දැනුම් දීම මගැහැරීම සහ මෙම දූපතේ ප්‍රදීපාගාරයේ ආලෝකය අයිල් ඔෆ් ලුවිස් සිට පරීක්ෂා කිරීම භාරව සිටි රොඩ්‍රික් මැකෙන්සි පවා නියමාකාරයෙන් තම කාර්ය ඉටු නොකල නිසා ඔහුත් මේ දූපතේ ප්‍රදීපාගාරයේ විදුලි පහනේ අක්‍රියවීම නිරීක්ෂනය කර නොතිබීම.
--------------------------------------------------------
තත්වය වඩාත් අනතුරුදායක ආකාරයට වෙනස් වෙමින් මිනිසුන් තිදෙනාගේ සේවා මුරය අවසන් වීමට ආසන්නයේ කාලගුනය භයානක ලෙස වෙනස් වුනා මේ අයහපත් කාලගුනය නිසාම එක් අයකු වෙනුවට යවන ආදේශක පුද්ගලයාව යැවීමට නියමිතව තිබූ දෙසැම්බර් 20 වනදා අදාල කටයුත්ත සිදු වුනේ නැහැ , මොකද අයහපත් කාළගුනය නිසා දූපත් අසලට යාත්‍රාවක් ගමන් කිරීම අනතුරුදායක කටයුත්තක් බවට පත්ව තිබුනා.කාළගුනය යහපත් වී නැවත මෙම අමතර සේවකයා දූපත බලා පිටත්ව යන්නේ දෙසැම්බර් මස 26 වනදා එනම් සේවා මුරය අවසන් වීමට නියමිතව තිබූ දිනයේ සිට තවත් දින 06කට පස්සේ.
--------------------------------------------------------
1920 වසරේදී ඇමරිකානු සගරාවක් ප්‍රකාශයට පත් කරනවා ලොග් පොතේ සටහන් කර තිබූ අවසන් සටහන් මොනවාද කියලා.
-------------------------------------------------------------
දෙසැම්බර් 12 -
උතුරු සග වයඹ දෙසින් කෝපයට පත් මුහුද කුණාටුවක ස්වරූපයක් ගත්තා.වෙලාව රාත්‍රී 9.00 යි. එවැනි ආකාරයේ කුණාටුවක් කවදාවත් අපි දැකලා නැහැ.කිසි කරදරයක් වුනේ නැහැ.දැන් වේලාව රාත්‍රී 12.00 යි. ඩුකට්ට හොදටම කේන්ති ගිහින් තියෙන්නේ, කුණාටුව තවමත් පහව ගොස් නැහැ සම්පූර්නයෙන්ම. ඒත් හුලං තත්වය නම් යම් තාක් දුරකට අඩුවෙලා තියෙන්නේ, අපිට එලියට යන්න හැකියාවක් නැහැ.මේ දැන් අපි පසුකර ගිය නැවක කැබින් එකේ පත්තුවුනු පහන් එලි අපි දැක්කා.ඩුකට්ගේ තරහ දැන් ඉවරයි වගේ.මැක් ආතර් අඩනවා.
-------------------------------------------------------------
දෙසැම්බර් 13 –
රාත්‍රිය පුරාම කුණාටුව පැවතුනා, දැන්නම් සුළං තත්වය උතුරේ සිට බටහිර පැත්තට වෙන්න වෙනස් වෙලා වගේ, ඩුකට් සද්ද නැතිව ඔහේ බලාගන ඉන්නවා, මැක් ආතර් දෙවියන් යදිනවා, දැන් වෙලාව දහවල් 12යි, දිවා ආලෝකය තිබුනත් අහස අදුරු නිසා ආලෝකය අඩුයි, මම, ඩුකාට් සහ මැක් ආතර් දෙවියන් සිහිකලා.දැන් වෙලාව සවස 3.01 යි , කුණාටුව දැන්නම් ඉවරයි වගේ, මුහුදත් නිශ්චලව තියනවා, දෙවියන් වහන්සේ අප සියල්ලටම ඉහලින් ඉන්නවා.
-------------------------------------------------------------
කොහොම වුනත් බොහෝ දෙනා ප්‍රකාශ කලේ මේ අකාරයට සටහන් තබා තිබෙන අවසන් ලොග් සටහන් වැරදි බවත් කිසියම් සංවේදී අකාරයකට කියවන්නා නොමග යවා යම් යටිකූට්ටු වැඩක් කිරීමට මේ ආකාරයේ සටහන් තබා ඇති බවත්ය. මෙසේ සැක කිරීමට තවත් හේතුවක් වන්නේ දෙසැම්බර් 14 වනදා කිසිම ලොග් සටහනක් නොමැති වීමයි. මීට අමතරව ලොග් සටහනට අනුව දෙසැම්බර් 15 ආසන්න දිනවල කාලගුණය ඉතා හොද තත්වයේ තිබී ඇත, නමුත් නැවක කපිතාන්වරයකු පවසා ඇත්තේ කාලගුණය යම් තරමක හොද මට්ටමේ තිබුනත් පැහැදිලිව කුණාටු සහිත තත්වයක් තිබූ බවයි,ඔහු ඒ ආසන්න දිනයක මේ ප්‍රදේශය හරහා දහවල් කාලයේ යාත්‍රා කර තිබුනු නිසා තමන්ට ඒ සම්භන්ධයෙන් මතක යැයි ඔහු ප්‍රකාශ කර තිබේ.එය එසේනම් මේ ලොග් සටහන් කිසියම් අවාසනාවන්ත සිද්ධියකට පසුව හදිසියේ අදාල දිනවල සියල්ලම සාමාන්‍ය ලෙස පැවති බවට කියවන්නා නොමග යැවීමේ කූට පරමාර්ථයෙන් යුතුව කවුරුන් හෝ විසින් ව්‍යාජව සටහන් තබා තිබෙනවාද? මීට අමතරව ප්‍රදීපාගාරයේ තිබූ පිරිමින්ගේ කබා දෙකක් අතුරුදන් වී තිබේ, එසේ නමුත් මැක් ආතර්ගේ කබාය ප්‍රදීපාගාරයේ ඇතුල්වීමේ දොට අසල කූඩුවක් මත තිබී පසුව හමුවී තිබේ.
-------------------------------------------------------------
අයලියන් මෝර් ප්‍රදීපාගාර පාලකයන්ට සිදු වුනේ කුමක්ද?
-------------------------------------------------------------
මොවුන්ගේ අවසානය පිළිබදව මතුවූ එක් මතයක් වන්නේ ඉතා දැඩිව කුණාටුව පැවති කාලයේදී එක් පුද්ගලයකු බෑවුමේදී ලිස්සා පහලට විසිවෙන්නට ඇති බවයි, අධික ලෙස පැවති කුණාටු තත්වය නිසාම ඔහු සමහරවිට පාර හරියටම නොදැක බෑවුමට අඩිය තබන්නට ඇත, ඒ නිසා බෑවුමට ලිස්සා ගිය ඔහුව ගලවා ගැනීමේ උත්සාහයක අනිත් පුද්ගලයන් දෙදෙනා නිරත වන්නට ඇත, කලින් සදහන් කල ආකාරයට අමතර කඹ මේ සදහා භාවිතා කරන්නට ඇති නිසා එම කඹ අතුරුදන් වීම සිදුවී ඇතිවා වන්නට පුලුවන.මෙම මතයේ ඇති විශාලතම ගැටලුව වන්නේ මේ ආකාරයේ අධික කුණාටුවක් පවතින අවස්ථාවේදී මේ සිද්ධිය මේ ආකාරයටම සිදු වූවානම් පුද්ගලයින් දෙදෙනෙකු කෝට් සහිතවත් එක්කෙනෙක් එසේ නොමැතිව සිටින්නේත් ඇයිද යන්නයි. සමහරවිට මෙය වෙනවානම් සිදුවිය යුත්තේ මෙහි අනික් පැත්තයි එනම් කෝට් සහිතව පුද්ගලයකු සිටිය හැකි අතර ඔහු වැරදීමකින් ලිස්සා ගියා වන්නට පුලුවන් ඒ වෙලාවේදී අනෙක් පුද්ගලයින් දෙදෙනා ඔහුට උදව් කිරීමට පැමිනියානම් ඔවුන් ඒ වෙලාවට තම සගයාව බේරාගැනීම විනා කෝට් පැලදීමක් පිලිබද සිතන්නේ කෙසේද? ඊට අමතරව එලෙස එක් පුද්ගලයෙක් බෑවුමේ පහලට ලිස්සා ගියානම් ඒ වෙලාවෙම කොහොමද අනිත් දෙදෙනා ඒක දකින්නේ මේ වගේ අධික කුණාටු තත්වයක් තියෙද්දී, එය විය හැක්කේ ආකාර දෙකකට පමනි, එක් ආකාරයක්නම් මේ තිදෙනාම කිසියම් කටයුත්තකට කුනාටුව පවතින අවස්ථාවේ ප්‍රදීපාගාරයෙන් පිටත නිරතවන්නට ඇත, එහිදී එක් පුද්ගලයකු ලිස්සා ගියානම් අනෙක් දෙදෙනාට එය ක්ෂනිකව දර්ශනය වේ, එනමුත් එය එසේ වූවානම් තිදෙනාම කෝට් පැලද සිටිය යුතුය, එහෙත් එය එසේ වී නොමැත, සිදුවිහ හැකි අනෙක් ආකාරය නම් කුමක් හෝ සිද්ධියක් මත දෙදෙනෙක් අනික් පුද්ගලයාව මරා දැමීමට සැලසුම් කර කුණාටු පවතින අවස්ථාව ඒ සදහා යොදා ගත්තා වන්නට පුලුවන, සමහරවිට දෙදෙනෙක් කෝට් වලින් සැරසී අනෙක් පුද්ගලයාව කුමන හෝ ආකාරයට බෑවුමේ ලිස්සා යවන්නට ඇත. නමුත් මේ කුමන සිද්ධියක් මේ අකාරයට සිද්ධ වුනත් තිදෙනාගේම අතුරුදන් වීම පැහැදිලි කල නොහැක්කේ එකම ශරීරයක්වත් සොයා ගැනීමට නොහැකිවීමෙනි.
-------------------------------------------------------------
තවත් උපකල්පනයක් වන්නේ කිසියම් හේතුවක් නිසා මෙහි රැකියාව එපාවෙලා මේ තිදෙනාම එකතුවෙලා මේ දූපතේ ශීත දේශගුණය අතඇරලා දාලා බෝට්ටුවෙන් ගිහින් තියනවා, ඒ යන අතරමාර්ගයේදී හදිසියේම හටගත් කුණාටුවක් නිසා ඔවුන් සාගරයේ ගිලෙනවා, ඒනමුත් මෙම තර්කයත් ඒතරමත්ව විශ්වාස කල නොහැක්කේ එය එසේ වූවානම් නැවතත් කලින් පරිදි තිදෙනාම කබා හැද සිටිය යුතුවේ. අනෙක් අතට මේ තිදෙනාම මේ දූපතේ සහ අවට කාලගුණ තත්වයන් පිළිබද මනාව අවබෝධයක් සහිත නිසා එවැනි කුණාටුවක් පැමිනිය හැකි වේලාවක ඒ ආකාරයේ ගමනක් යන්නේ නම් එය පැහැදිලිව සිය දිවි නසාගැනීමක් බව ඔවුන් තිදෙනාම හොදාකාරවම දන්නා නිසාවෙනි, ඊට අමතරව මින් දෙදෙනෙක් විවාහක අය වූ නිසාම ඔවුන්ට වෙන වෙනම පවුල් සිටියි, එනිසා මේ ආකාරයේ ක්‍රියාවක් කරන්න ඔවුන්ට් යාමත තිබෙන ඉඩකඩ ඉතා අඩුවන්නේ එය ඔවුන් තම පවුල හැරයන ආකාරයේ ක්‍රියාවක් නිසාවෙනි.
-------------------------------------------------------------
තවත් මතයක් වන්නේ කුමක් හෝ හේතුවෙන් මත සියදිවි නසා ගැනීමට ගිය මින් එක් පුද්ගලයකු විසින් තමන් සියදිවි නසා ගැනීමට පෙර අනික් තිදෙනාව ඝාතනය කරන්නට ඇති බවයි, සමහරවිට මෙහි සිදුවූ යම් සිද්ධියක් හේතුවෙන් සමහර විට අනෙක් දෙදෙනාගේ යම් ක්‍රියාවක් නිසා තුන්වැන්නාට සියදිවි නසා ගැනීම අන්තිම අවස්ථාව ලෙස පෙනෙන්නට ඇත, එවැනි අවස්ථාවකදී තමා එවැනි තත්වයකට පත්කල පුද්ගලයන් දෙදෙනා ඝාතනය කිරීම හරහා ඔවුන්ගේන් පලි ගෙන පසුව තමන්ද සියදිවි නසා ගැනීමට සිතුවා වන්නටද පුලුවන. මෙහි ඇති ලොග් පෝතේ වාර්තා සථ්‍ය නම් ඒවා වලින් පෙනී යන්නේ අවසාන දින කිහිපයේ කුමක් හෝ හෙතුවක් නිසා මෙහි ජීවිතය භයානක අයුරින් වෙනස් වීමකට ලක්වී ඇති ආකාරයයි. මේ වාර්ථා සමීපව සහ සියුම්ව විමරශනය කිරීමේදී ඒ සම්භන්ධයෙන් විශේෂ දැනුමක් සහිත පුද්ගලයින් විසින් මේ පිලිබදව මත ප්‍රකාශ කර ඇත. එනමුත් මයික් ඩෑෂ් විසින් ඉතා සමීපව ම අවසන් ලොග් වාර්තා පරීක්ෂා කර ඇති අතර ඔහු ඉතා විශ්වාසයෙන් යුතුව පවසා ඇත්තේ මේවා බොරු බවත් කලින් සදහන් කල ආකාරයට කියවන්නා නොමග යවන පරමාර්ථයෙන් යුතුව ලියා ඇති බවත්ය.
-------------------------------------------------------------
තවත් මතයක් වන්නේ මේ දූපතේ සිටියා යැයි පැවසෙන කලින් සදහන් කල කුරු මිනිසුන් විසින් මොවුන් තිදෙනා පැහැරගන්නට ඇති බවයි. නැත්නම් මේ සදහා පිටසක්වල ජීවීන්ගේ කිසියම් සම්භන්ධයක් ඇති බවටත් මතයක් පවතී. එනමුත් මෙවැනි මතවල සථ්‍ය හෝ අසථ්‍ය බව කිසි කෙනෙකුට මැනිය නොහැක්කේ ඒවා අපේ සීමාවලින් ඔබ්බට ගිය කරුනු නිසාමය. ඊට අමතරව මයික් ඩෑෂ් පවසන ආකාරයට අවසන් ලොග් වාර්තා බොරුනම් විය හැක්කේ කිසියම් සිද්ධියකට පසුව අදාල ලොග් වාර්තා සටහන් කරන්නට ඇති බවයි, එය එසේ වූවානම් කුරු මිනිසුන් හෝ පියාඹන පීරිසි මේ සිද්ධියට සම්භන්ධ වීමේ ඉඩකඩක් නොමැත.මෙහි එක් පින්තූරයකින් පෙනවා ඇත්තේ කුණාටුව මධ්‍යයේ එක් පුද්ගලයකු ලිස්සා ගියායැයි සැලකෙන බෑවුමයි.
අතුරුදන්වූ මිනිසුන් ගැන පැහැදිලි කිරීම සදහා ඉදිරිපත් වී ඇති තවත් මතයක් වන්නේ කුණාටුව අවස්ථාවේදී ඇතිවූයේයැයි පැවසෙන අති විශාල මුහුදු රැල්ලකි.පර්යේෂකයකු වන ඇලස්ඩෙයාර් මැකෝලට අනුව මුහුද සන්සුන් නමුත් කුණාටු පවතින අවස්ථාවක මුහුදේ ඇතිවිය හැකි මේ ආකාරයේ අතිවිශාල මුහුදු රැල්ලේ උස සහ විශාලතවය නිසාම මෙවැනි ආකාරයේ දූපතක සිටින සියලුම මිනිසුන් අතුගා දැමීමේ හැකියාවක් පවතී.ඊට අමතරව උයිග් හි ක්‍රොලිස්ටාහි එක්තරා කාන්තාවක් බටහිර දෙසින් යෝධ ජල ප්‍රවාහයක් පැමිනෙනවා නිරීක්ෂනය කර ඇත්තේ ඇය එදින සේදීමේ කටයුතුවල නිරතවී සිටින අවස්ථාවකදීය.මේ රැල්ල දුටු ඇය එක්වරම නිවස තුලට දිවගොස් ඇත.මෙම රැල්ල නිසා ඇයගේ ගෙමිදුල සහ එහි තිබූ ද්‍රව්‍යයන් සියල්ලක්ම ගසාගෙන ගිය බව වැඩිදුරටත් සදහන් වේ.නමුත් එදින කාලගුණ අනාවැකිය සහ කාලගුණය පිලිබද විස්තරවලදී මෙවැනි ආකාරයේ සිද්ධියක් ඇතිවිය හැකි සාක්ෂි මෙන්ම එය එසේ විය නොහැකියැයි ප්‍රකාශිත ප්‍රකාශයන් නිසා මෙවැනි ක්‍රියාවලියක් සිදුවීමේ හැකියාව පිලිබද සාක්ෂි පරස්පර විරෝධී ස්වභාවයක පැවතුනි. ඒ නිසා මෙයද නිශ්චිත වශයෙන් තහවුරු වන ආකාරයේ මතයක් නොවේ, තවද එසේ රැල්ලක් එනවානම් එය දූපතක් වැනි දෙයක සිට කලින්ම දර්ශනය වන්නට ඇත, එසේ දර්ශනය වුන පසුවත් මේ තිදෙනා ප්‍රදීපාගාරයෙන් පිටත සිටියානම් කරන පලවෙනි දෙය වනුයේ අදාල රැල්ලෙන් බේරීම සදහා ප්‍රදීපාගාරය තුලට දිවයාම විය යුතුය, නමුත් එසේ යම් දෙයක් සිදුවූවාදැයි නිශ්චය කරගැනීමට සාක්ෂි කිසිවක් ලැබී නොතිබිනි.
-------------------------------------------------------------
මේ සම්භන්ධයෙන් තවත් මතයක් ඉදිරිපත් කර ඇත්තේ කතුවරයකු වන මාරි සෙලෙස්ටේ විසිනි, ඔහුට අනුව ස්වාභාවික විද්වතකු වන ජෝන් ලර්ව් දූපතේ සම්පූර්නම භූමිය පරීක්ෂාවට ලක්කර ඇත, මීට අමතරව දූපතේ සිට අතුරිදන් වූ තිදෙනාග්ගේ පෞද්ගලික තොරතුරුද සැලකිල්ලට ගනිමින් ඔහු පවසා ඇත්තේ කුණාටු අවස්ථාවකදී අදාල ආම්පන්න නිසියාකාරයෙන් අසුරා නොතිබීම හේතුවෙන් මින් පාලකයන් දෙදෙනෙකුට කලින් අවස්තාවකදී දඩ මුදල්ද නියම කර ඇති බවයි. මෙවරද ඔවුන් සමහරවිට මේ ආකාරයට උපකරන නිසිලෙස ගබ්ඩා කර නොතිබුනා විය හැකිය, නමුත් මුදුදේ රළු ස්වභාවය දුටු ඔවුන්ට නැවත උපකරන නිසියාකාරයෙන් ගබඩා කර තැබීමට මතක් වී ඒ සදහා ගියා විය හැකිය, සමහරවිට මෙහිදී පුද්ගලයන් දෙදෙනෙකු පමනක් මේ සදහා යන්නට ඇත, ඒ අතර ඩොනල්ඩ් මැක් ආතර් ප්‍රදීපාගාරයේ රැදී සිටින්නට ඇත, නැගී එන අති විශාල රැල්ල දුටු ඔහු ඒ පිලිබදව තම සගයන්ට අනතුරු ඇගවීම සදහා කඩිමුඩියේම දිව යන්නට ඇත, එහිදී මේ විශාල රැල්ලට හසුවී තිදෙනාම ගසාගන යන්නට ඇත. නමුත් මෙය මෙසේ සිදුවූවානම් මුල සදහන් කල ආකාරයට යම් පුද්ගලයකු විසින් ලොග් පොතේ බොරු සටහන් තබන්නේ ඇයි? ඒ සදහා නිසි පැහැදිලි කිරීමක් මේ තුලින් ලබාගත නොහැක.
-------------------------------------------------------------
පසු අවස්ථාවකදී ලොග් පොතේ තබා ඇති සටහන් වල දැඩි නොගැලපීමක් ඇතිබව රොබර්ට් මුවර්හෙඩ් ප්‍රකාශ කර ඇත, ඔහුට අනුව එම සටහන්වලට අනුව මැක් ආතර් නිරන්තරයෙන් හඩමින් සිටි බවට ලොග් පොතේ සදහන් කර ඇති දෙය කිසිදා සිදුවිය නොහැකි දෙයකි, මීට හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ ඔහු දැඩි හිතක් සහිත නාවිකයකු බවයි, එවැනි ආකාරයේ පුද්ගලයකු මේ කාලගුණික තත්වය නිසා වැලපුනානම් ඒ අවස්ථාවේ අපායක ආකාරයක් එම දූපතේ තිබිය යුතුය , නමුත් මෙ දේවල් සදහන් කරන 12,13 යන දිනයන්හි කුණාටුව පැවතිය හැකි නමුත් ඒ ආකාරයේ අති භයානක තත්වයක් කෙසේවත් තිබී නොමැත, මේ අනුට මුලදී බෝහෝ දෙනා සැකකල කාරනය එනම් ලොග් පොතේ තබා ඇති වාර්තා වල සත්යතාවය පිලිබදව සාධාරන සැකයක් මතුවේ.
-------------------------------------------------------------
කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ, 70 දශකයේදී ප්‍රදීපාගාරය සම්පූර්නයෙන්ම ස්වයංක්‍රීයව පාලනය වන ආකාරයට යාවත්කාලින කල නිසා කලින් තරම් මිනිසුන් පිරිසක් මෙම ප්‍රදීපාගාරය පාලනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ, මේ සිද්ධියෙන් පසුව විවිධ පාලකයන් මෙම ප්‍රදීපාගාරයේ වැඩ සදහා පැමිනියා, අද්භූත සිද්ධිය වන්නේ මින් සමහරක් වාර්තා කර තිබුනා, රාත්‍රියේ ඇසෙන අමුතු ශබ්ද පිලිබදව, සමහරු කිව්වේ සමහර ශබ්ද වලින් අතුරුදන් වූ පාලකයන් තිදෙනාගේ නම් කියවෙන බවයි. විශාල මුහුදු රැල්ල පිලිබද මතයට පිටතින් සමහරු සදහන් කරන්නේ සතුරු නාවික හමුදාවක් විසින් ඔවුන් තිදෙනා අල්ලා ගන්නට ඇති බවය, නමුත් මෙම කාරනය ස්ථිර කරන ආකාරයේ සාධක කිසිවක් නොමැත. කෙසේ නමුත් එක් දෙයක් පමනක් පැහැදිලිය, කුණාටු සහගත තත්වයකදී ආරක්ෂාව පිණිස ප්‍රදීපාගාරය තුල සිටි ඔවුන් කිසියම් බලවේගයක් හෝ සිද්ධියක් මගින් කිසිදු ආරක්ෂාවක් නොමැති ප්‍රදීපාගාරයෙන් පිටතට ඇද දැමීමට සමත්වී ඇත.
-------------------------------------------------------------
එසේත් නැත්නම් විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි යමක් ඔවුන් අතුරුදන්වූ රාත්‍රියේ සිදුවී තිබේ, එක් පුද්ගලයකු දැඩි ලෙස කේන්තියෙන් පසුවන බවත් ඉතා දැඩි සිතක් සහිත නාවිකයා හඩා වැලපෙමින් අනෙක් පුද්ගලයා හා එක්ව දෙවියන් යදින බවත් ලොග් පොතේ සදහන් කර ඇත, ඒ සමගම දෙවියන් සියල්ලන්ටම ඉහලින් සිටින බවද සටහන් තබා තිබේ, මේ ලොග් සටහන් නිවැරදිනම්? එසේනම් එදින රාත්‍රියේ දැඩි හිත් සහිත පලපුරුදු නාවිකයන් තිදෙනෙකු භීතියෙන් මුසපත් කිරීමට තරම් සමත් වූ යම් භයානක දෙයක් ප්‍රදීපාගාරය තුල හෝ ඉන් පිටත සිදුවී ඇත, සමහර විටක මේ දේ නිසා ඔවුන්ට දැඩි කුණාටු මධ්‍යයේ කිසිදු පිලිසරනක් නොමැතිව ප්‍රදීපාගාරයෙන් පිටතට දිවයාමට සිදුවූවා විය හැකිය. නමුත් ඉන් පසු සිදුවූයේ කුමක්ද යන්න කිසිකෙනෙක් නොදනී, සමහරවිට ඒ අවස්ථාවේදී භයානක මුහුදු රැල්ල පැමින් ඔවුන්ව බිලිගත්තාද නැත්නම් කලින් ඔවුන් භීතියෙන් මුසපත් කල ගුප්ත කාරනය විසින්ම ඔවුන් මරා දැමුවාද?
-------------------------------------------------------------
අයිලියන් මෝර් ප්‍රදීපාගාර පාලකයන් සිහිපත් කිරීම
-------------------------------------------------------------
ප්‍රදීපාගාර පාලකයන්ගේ දුක්බර කතාව අදටත් ප්‍රදේශයේ ජනතාව දුකින් සිහිපත් කරති. පසුගිය වසරේදී ඔවුන් සිහිපත් කරනු පිණිස වෙරළ තීරයේ ස්මාරකයක් නිරාවරණය කරන ලද අතරම අතුරුදන් වූවන්ගේ නම් තුන සහිත සමරු ඵලක තුනක්ද මීට සමගාමීව ඉදි කිරීමට නියමිතව පවතී.
-------------------------------------------------------------
ප්‍රදීපාගාර පාලකයන්ගේ ඛේදජනක කතාන්දරය අනුවර්තනය කිරීම සදහා සිනමා පටයක් පවා නිර්මාණය වී ඇති අතර මෙහි රගපානු ලබන්නේ ජෙරාඩ් බට්ලර් වේ. මුලදී මෙම සිනමා පටය "කීපර්ස් " ලෙස නම් කර තිබුනද පසුව එම නම "ද වැනිෂින්" ලෙස වෙනස් කරන ලදී.කෑන්ස් සිනමා උලෙලේදී ඉහල ප්‍රශංසාවක් මෙම සිනමා පටය සදහා පිරිනමන ලදී.
-------------------------------------------------------------
අදටත් ප්‍රදීපාගාර පාලකයන්ගේ අභිරහස් අතුරුදන්වීම මෙම දූපතේ වැලි තලාවෙන් යටව අභිරහසක් ලෙසම පවතී, තවත් චිරාත් කාලයක් නැත්නම් සදහටම මෙම අද්භූත සිද්ධියේ සත්ය යටපත් වී තෙබෙනු ඇත.
--------------------------------------------------------
0 comments