ගුවන් යානයක ඇති විස්තර

ටිකක් විතර වෙනස් මාතෘකාවක් මේක. ඔයාලා දැකලා තියෙනවනේ අහසේ යන සෑම ගුවන් යානයකම නිවි නිවි දැල් වෙන එක එක ජාතියේ ලයිට් තියෙනවා කියලා. අද ඒ ගැන තමා කතා. ඇත්තටම ඇයි එහෙම ලයිට් දාලා තියෙන්නේ🤔🤔🤔🤔🤔🤔, එතකොට ඇයි විවිධ වර්ණ වලින් මේ ලයිට් දැල්වෙන්නේ🤔🤔.
හරි ඔන්න කතාව පටන් ගමු. සාමාන්යයෙන් ගුවන් යානයක රතු, කොල, සුදු විදිහට ලයිට් තියෙනවා. මේ රතු පාට ලයිට් එක පිහිටලා තියෙන්නේ වම් පැත්තේ තියෙන තටුවේ කොනේම. එතකොට කොල පාට ලයිට් එක පිහිටලා තියෙන්නේ දකුණු පැත්තේ තියෙන තටුවේ කොනේම. ඒ වගේම ගුවන් යානයේ පිටුපස සිරස් අතට තියෙන තටුවෙ මුදුනේ තියෙනවා සුදු පාට ලයිට් එකක්. හරි අපි දැන් බලමු ඇයි මෙහෙම තියෙන්නේ කියලා. ඇත්තටම මේ ලයිට් පිහිටලා තියෙන්නේ අහසේ මෙම ගුවන් යානය ගමන් කරන කොට අනෙකුත් යානා වලට මේ යානය ගමන් කරන දිශාව දැන ගැනීමට🤔🤔🤔 ඒක වෙන්නේ මෙහෙමයි.
ඔන්න හිතන්න ඔයා දැන් පයිලට් කෙනෙක් කියලා ඔයාට පේනවා කොක්පිට් එකෙදි ගුවන් යානයක් ඔයාගේ ගුවන් යානයට සමාන්තරව දකුනු අත පැත්තට වෙන්ඩ ගමන් කරනවා කියලා, ඔයාට පෙන්නේ ඒ යානයේ එක තටුවක් විතරනේ ඒ පේන තටුවේ රතු පාටින් ලයිට් පත්තු වෙනවා කියලා. එතකොට ඔයාට දැනගන්ඩ පුලුවන් එම යානය ගමන් කරන්නේ ඔයාගේ ගුවන් යානය යන දිශාවටමයි කියලා (1 වන පින්තූරය). දැන් හිතන්ඩ ඒ විදිහටම ඔයා කොල පාට ලයිට් එකක් දැල්වෙනවා පේනවා, ඒ කියන්නේ අර ගුවන් යානය ගමන් කරන්නේ ඔයාගේ ගුවන් යානයට විරුද්ධ දිශාවට (2 වන පින්තූරය) . මේ වගේම ඔයා දකිනවා ඔයාගේ ගුවන් යානයට මුහුනට මුහුනලා ගුවන් යානයක් ගමන් කරනවා කියලා, ඔයා දකිනවා වම් අත පැත්තට වෙන්ඩ තියෙන තටුවෙන් රතු පාටින් දැල්වෙනවා ඒ වගේම දකුනුඅත පැත්ත්ට වෙන්ඩ තියෙන තටුවෙන් කොල පාටිනුත් දැල්වෙනවා. මෙ විදිහට දැක්කහම කියන්ඩ පුලුවන් ඉදිරියේ ඇති යානය තමන්ගේ යානය දෙසට ගමන් කරමින් ඉන්නවා කියලා (3 වන පින්තූරය). ඒ වගේම ඔබ ගුවන් යානයේ නියමු කුටියේ ඉන්නකොට මා කලින් කියු පරිදි දැල්වෙන ලයිට් වල පාට විරුද්ධ දිශාවට දකිනවනම් ඒ කියන්නේ රතු පාට ලයිට් එක වම් අත පැත්තේ තියෙන තටුවෙන් දැල්වෙනවා සහ කොල පාට ලයිට් බල්බයේ දැල්වීම දකුනු පැත්තේ ඇති තටුවකින් දැල්වෙනවානම්. ඒකෙන් කියන්නේ ඉදිරියෙන් ඇති යානය ඔබ ගමන් කරන මාර්ගයේම ඉදිරියට ගමන් කරනවා කියලයි (4 වන පින්තූරය)
මෙන්න මේ ලයිට් වලින් තමා අහසේදී නියමුවන් ගුවන් යානය ගමන් කරන දිශාව හොයාගන්නේ. ඒ වගේම මේ නිසා ගුවන් අනතුරු වලක්වා ගන්ඩත් උදව් වෙනවා.
ඒ වගේම මේ දෙපස තියෙන තටු වල සුදු පාටින් ලයිට් නිමි නිමී දැල්වෙනවා. මේ ලයිට් ඉතාමත් තියුනු ඒවා. මේ ලයිට් කොච්චර තියුනු වුවත් ගොඩබිමේ සිටින අපිට පේන්නේ මේ යානය පොලොවේ සිට හැතැම්මක් පමන උසින් පියාසර කරනකොට විතරයි. ඉතින් යම් කිසි යානයක එහෙම ලයිට් නිවි නිවී දැල්වීමක් පෙනේනම් සුදු පාටින්, ඒ කියන්නේ එම යානය පොලොව මට්ටමේ සිට හැතැම්මක් පමන උසක් අතර ඇති උසක ගමන් කරනවා කියලා තමා කියන්න පුලුවන්.
ඔන්න දැන් ඒකත් හරි.😁😁😁. තව ලයිට් සෙට් එකක් තියෙනවා ගුවන් යානයේ ඉහලින් පිහිටි කොටසේ සහ පහලින් පිහිටි කොටසේ(5 වන පින්තූරය) මේ ලයිට් දැල්වීමක් සිදු වෙන්නේ ගුවන්තොටුපලේදී ගුවන් යානයේ එන්ජින් ක්රියාත්මක වූ විටයි. ඈ.... ඒ කිව්වේ මොකක්ද🤭🤭🤭. ඒක වෙන්නේ මෙහෙමයි. ගුවන් යානයක් ගුවන්තොටුපලින් සියලු බඩු බාහිරාදිය පටවගෙන ගුවන් ගත වෙන්ඩ සැරසෙන්ඩ එපැයි, ඉතින් ගුවන් යානයේ එන්ජින් ක්රියාත්මක කරන්ඩ ඕනිනේ. ඒත් යම් කිසි ආකාරයකින් එම ගුවන් යානයේ එන්ජින් ක්රියාත්මක කරොත් පහල වැඩකරන මිනිස්සුන් ඉන්නකොට ඉතා විශාල අනතුරක් වෙන්ඩ පුලුවන්. මෙන්න මේ හේතුව නිසා යානයේ එන්ජින් ක්රියාත්මකයි කියලා පහක සිටින මිනිස්සුන්ට දැනගන්ඩ තමා එහෙම රතු පාටින් ලයිට් දැල්වෙන්නේ. එතකොට කිසිම මිනිසෙකු ගුවන් යානය අසලට ගමන් කිරීමෙන් වැලකී සිටිනවා.
හරි එතකොට මේ ලිපිය කියවන සමහර අය නම් දැකලා ඇති කියලා හිතෙනවා මම දැන් කියන එක. මේක දැක ගන්ඩ පුලුවන් ගුවන්තොටුපලකට තරමක් දුරට හෝ ආසන්නයේ ඉන්න අයට තමා. හරි ඒ තමා ලැන්ඩින් ලයිට්. මේ ලයිට් ක්රියාත්මක කරන්නේ ගුවන් යානයක් අඩි 10,000ක සීමාවට ලගා වෙලා ගුවන් යානය ගොඩ බැස්සවීමකට සැරසෙන කොට ඒ වගේම ගුවන් යානය ගුවන්තොටුපලේ සිට ගුවන් ගතවී අඩි 10,000,ක සීමාව වෙත ලගා වෙන තුරුත් මේ ලයිට් දැල්වී තියෙනවා. මේ සුදු පැහැ ලයිට් නිවි නිවී නොදැල්වෙන ලයිට් ජාතියක් (නිකම් හරියට වාහනයක හෙඩ් ලයිට් වගේ). මේ ලයිට් වලින් තමා ගුවන් පථය දැකබලාගන්නේ.
හරි ගුවන් යානයක් ලයිට් වර්ග ගැන කතාව ඉවරයි😁😁😁😁😁. ඉදිරියේදී ගුවන් යානයක ඇති තවත් විස්තර කියන්නම් ඔයාලා කැමති නම්, ඒ නිසා පහලින් කමෙන්ට් එකක් දාන්නඩෝ......😁😁
(මනුකල්ප බණ්ඩාර)
0 comments