ඇමරිකා සහ ඉරාන අර්බුදයේ නවතම තතු

එසේම ඊයේ දින ඉරාන කැබිනට් මණ්ඩලය රැස් වී තීරණය කර ඇත්තේ 2015 අත්සන් තැබුණු න්‍යෂ්ඨික ගිවිසුම යටතේ තවදුරටත් කටුයුතු නොකිරීමටත් ඉරානයේ න්‍යෂ්ඨික වැඩ පිළිවෙල නැවත ඇරඹීමටය... එහෙත් ඒ ගැන තවදුරටත් යුරෝපිය මිතුරන් සමග කතා කිරීමට තමන් සුදනම් බවද ඉරානය ඒ අතරම පවසයි..එම නිසා ඉරානයේ තීරණය නතර කර ගැනීමට චීනය , ප්‍රංශය හා ජර්මනිය රාජ්යතාන්ත්රි
ඊයේ ඉරාකයේ පාර්ලිමේන්තුව රැස් වී විශේෂ යෝජනවක් සම්මත කර ගත් අතර ඉන් කියවුනේ ඉරාකය තුල සිටින සියලු විදේශීය හමුදා ඉරාකයෙන් පිටත් විය යුතු බවයි...මේ සදහා ඉරක අගමැති වරායට ඉරාන හිතවාදී ෂියා පාර්ශ්ව වලින් දැඩි බලපෑම් එල්ල වූ අතර එහෙත් ඉරිදා දින රැස් වූ ඉරාකයේ පාර්ලිමේන්තුවේ විශේෂ සැසියට කුර්දි නියෝජිතයින් මෙන්ම සුන්නි මන්ත්‍රීවරුන්ද වර්ජනය කරමින් සහභාගී නොවුහ..ඔවුන් පවසන්නේ එසේ ඇමරිකනු හමුදාවන් පිටත් නොකළ යුතු බවත් එසේ වුවහොත් ඉරාකය ඉරානයේ පාලනයට සහමුලින් නතු වෙන හැකි බවයි...ඔවුන් ඊට අමතරව පවසන්නේ රටේ බහුතරයක් එකග නොවී එනම් සුන්නි මුස්ලිම් වරුන් හා කුර්දි වරුන්ගේ අකමැත්තෙන් ඇමරිකානු හමුදා පිටත් කර නොහැරිය යුතු බවත් ඉරාකයේ ආරාධනයෙන් පැමිණි ඇමරිකානු හමුදා තවදුරටත් රැදී සිටිය යුතු බවයි...
ඊයේ රාත්‍රියේ දෙවන දිනටත බැග්ඩෑඩ් අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලයට 1 km ආසන්නය දක්වා රොකට් ප්‍රහාරයක් පතිත වී ඇති අතර එයින්
තම නිවසේ රැදී සිටි ඉරාක කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඊට අමතරව මුළු බැග්ඩෑඩ් ප්‍රදේශයට රොකට් ප්‍රහාර 6 ( ඇමරිකන් තානපති කාර්යාල හා ඇමරිකානු කදවුරු අසලට )එල්ල වී ඇති අතර ඇමරිකනු භටයින් කිසිවෙකුට අනතුරු සිදු වී නොමැත වුවත් ඉරාක ජාතිකයින් කීප දෙනෙකු තුවාල ලබා ඇත ...මෙම රොකට් ප්‍රහාර එල්ල කරන්නේ ඉරානය විසින් ඉරාකය තුල ගොඩ නගා පවත්වා ගෙන යන ඉරාකයේ පොපියුලර් මොබලයිසෙෂන් සංවිධානයේ (PMF ) කැරලිකරුවන් ව්සිනි ....
දැනට ඉරාකය තුල ඇමරිකානු භටයින් 5 200 පමණ රැදී සිටින අතර ඔවුන් ඇමරිකානු තානාපති කාර්යාල ආරක්ෂව මෙන්ම ඉරාක හමුදා පුහුණුවීම් කටුයුතු වලට සහය වෙමින් තමන්ගේ කදවුරු තුල රැදී සිටිමින් ඇත...එසේම බ්‍රිතන්‍ය හමුදා නිලධාරින්ද 400 පමණ ඉරාකය තුල ආරක්ෂාවට රැදී සිටියි..ඉරාක පාර්ලිමේන්තුව යෝජනවක් සම්මත කලත් එය නීතියක් නොවෙන බවට සුන්නි මුස්ලිම් වරුන් හා කුර්දි වරුන් පවසන අතර ඇමරිකාව මේ දක්වා මේ සම්බන්ධව නිවේදනයක් නිකුත කර නොමැත ...
ඊයේ දින ඉරාන සහය ලබන ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන ලෙබනන් හිස්බුල්ලා සංවිධනය ලෙබනනයේ විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ක්වෙස්ම් සුලෙයිමනි ගේ ඝාතනයට එරෙගිව උද්ඝෝෂනයක් පැවති අතර එහිදී ඔවුන්ගේ නායක හසන් නසාරල්ල පැවසුවේ ඇමරිකනු භටයින්ට හා ඔවුන්ගේ සහයකයින්ට තමන් පහර දෙන බවත් මැද පෙරදිග කලාපයෙන් ඇමරිකානුවන් ඉවත් කරන බවයි....ලෙබනනයේ
මෙම තත්වයන් ශ්‍රී ලංකාවට බලපෑ හැකි අයුරු
ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 20 වැඩි පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන අතර ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් වලට මේ සම්බන්ධව නිවරදි තොරතුරු ශ්‍රී ලංකා මාධ්‍ය තුලින් ලබා නොදී හෝ බියට පත්වන පුවත් පමණක් පල කිරීමේ නිරත වන සෙයාවක් දැකිය හැකිය..
තම රටේ ආදරණිය දු දරුවන් මෙසේ දුරකතරකට එවීම ගැන අපි ජාතියක් හැටියට දුක් විය යුතුය , එසේම රටේ දේශපාලකයින්ට හා රජයේ සේවකයින්ට ගෙවිය යුතු වැටුප් ගෙවීමටත් දීමනා ලබා ගැනීමටත් තේජසින් ඉන්ධන භාවිතා කිරීමටත් සුඛෝපබෝගී භාණ්ඩ භාවිතයට අවශ් වන ය ඩොලර් , ඩිනාර් එවන්නේ ඔවුන් දුක් මහන්සියෙන්ය ....එවන් තත්වයක් මත මාධ්‍යට මේ ගැන නිවරදි තොරතුරු ලබා දීමේ විශාල වගකීමක් ඇත...
ලැබෙන තොරතුරු හා මගේ ගවේශන මත ඉතා වගකීමෙන් කියන්නේ මෙය ඉරානය හා ඇමරිකාව අතර ඍජුවම සිදුවන යුද්ධයක් හෝ මැද පෙරදිග කලාපය ගිනි ගන්නා යුද්ධයක් හෝ තුන්වන ලෝක යුද්ධයක් ලෙස ව්‍යාප්ත නොවෙනු ඇත.....
ඉතාමත් වගකීමෙන් එය නැවත වතාවක් ප්‍රකාශ කරන අතර මැදපෙරදිග කලාපයේ සේවය කරන මගේ ආදරණිය මිතුරු මිතුරියනි එම නිසා අනවශ්‍ය ලෙස බිය නොවන්න තැති නොගන්න ...මෙය මැද පෙරදිග ගිනි ගන්නා යුධමය තත්වයක් කරා ගමන් නොකරයි...මෙය බොහෝ විට ඉරාකය තුල සිවිල් යුධ තත්වයක් හෝ ඇමරිකනු නැවක් හෝ ඇමරිකනු ආයතනයකට පහර දීමක් හෝ කීපයක් එල්ල වීමත් ..පරිගණක සයිබර් ප්‍රහාරයන් යනදී ලෙස ඇතිවීමේ ඉතා වැඩිය ....
එසේම ශ්‍රී ලංකාවේ වාසය කරන මැදපෙරදිග කලාපයේ සේවය කරන මගේ ආදරණිය මිතුරු මිතුරියන්ගේ පවුල්වල පිරිසට හා හිතවතුන්ට දැනුම් දෙන්නේ මෙය යුධමය තත්වයක් කරා පැතිරීමේ ඉඩක් නොමැති නිසා ඔබේ ආදරණිය මව , පියා , බිරිද , ස්වාමිපුරුෂයා , දියණිය , පුතා හෝ වෙනත් අයෙකු සිටිනම් අනවශ්‍ය ලෙස බිය නොවන්න..ඔවුන් ආරක්ෂිතය ..
0 comments