හැරී – මේගන් ජ්‍යෙෂ්ඨ රාජකීයත්වය අත්හරී


ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත්වන බව බ්‍රිතාන්‍යයේ හැරී – මේගන් යුවළ නිවේදනය කර තිබේ.
බ්‍රිතාන්‍යයේ හැරී – මේගන් යුවළ සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස හැඳින්වේ.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, මූල්‍යමය වශයෙන් ස්ථාවරවීමට පියවර ගන්නා බවයි.
බ්‍රිතාන්‍යය සහ උතුරු අමෙරිකාවේ කාලයගත කරන බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
බීබීසී මාධ්‍ය ජාලය සඳහන් කළේ, මෙම ප්‍රකාශය නිකුත් කිරීමට පෙර හැරී – මේගන් යුවළ දෙවන එලිසබෙත් මහරැජිණ හෝ විලියම් කුමරු දැනුවත් කර නොමැති බවයි.
බකිංහැම් මාලිගය ඒ සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත්ව ඇතැයි ද බීබීසී මාධ්‍ය ජාලය සඳහන් කළේ ය...

0 comments