CCTV ගලවා පොදු දේපල වැනසූ කැළණියේ මහා ශිෂ්‍ය සංගමයේ නරුමයන්ට වැඩ වරදි

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල
ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් කිහිප
දෙනෙක් හඳුනාගැනීමට පරිපාලන අංශවලට හැකි වී තිබේ.
මෙලෙස හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව ය.
හඳුනාගත් සිසුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා දැඩි දඬුවම් ලබා දෙන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංශ පැවසීය. මෙම සී.සී.ටී.වී. ගලවා ඉවත් කර ඇත්තේ පෙරේදා (24 වැනිදා) සවස ය.
විශ්වවිද්‍යාලයට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව ය. එම කැමරා ඉවත් කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය පරිපාලන අංශවලින් වරින් වර ඉල්ලීම් කළ නමුත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට අවශ්‍ය හෙයින් එම කැමරා ඉවත් කිරීම පරිපාලන අංශ ප්‍රතික්ෂේප කර තිබිණි.
රුහුණ විශ්වවිද්‍යාලයේ මුළුමනින් ම සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එම නිසා නවකවධ සිද්ධීන් නැති කර ගැනීමට හැකි වී ඇතැයි එහි උපකුලපති මහාචාර්ය සුජීව කේ. අමරසේන සඳහන් කරයි.

0 comments