''බළධාරීන්ගේ වරද නිසා'' සූරිය වැවදි පහර කෑ ක්‍රීඩා ලෝලීන්ගෙන් ඇමති ඩලස් සමාව ඉල්ලයි

 www.kikmathama.com

බටහිර ඉන්දීය කොදෙව්ව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේ ප්‍රවේශපත් නිකුත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.‌
තරගය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ෂව ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළුවේ ප්‍රමාණවත් සේවකයින් පිරිසක් නොසිටීම මෙයට ප්‍රධාන හේතුව විය.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට සහ යුද හමුදා සෙබළුන්ටද මැදිහත් වීමට සිදු වූ අතර, එහිදී ඇතැම් ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක්වීමටද සිදුවිය.
කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් තමන් එම කී‍්‍රඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටින බව කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

0 comments