දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් බියෙන් සලිත කල 'අඳුරු මරණය' හෙවත් "කත්යූෂා Rocket launchers"


දෙවන ලෝක යුද්ධයේදී ජර්මානුවන් බියෙන් සලිත කල 'අඳුරු මරණය' හෙවත් "කත්යූෂා Rocket launchers"
1941 ජූලි 14 දින බෙලොරුසියාවේ ඔර්ශා දුම්රිය නැවතුම්පොලට ජර්මන් යුද ප්‍රවාහන දුම්රිය 3ක් පැමිනියා.ඉන් එක් දුම්රියක් සමන්විත වූයේ ජර්මන් හමුදාවන්ට අවශ්ය යුද්ධටැංකි වලින් වන අතර දෙවන දුම්රිය තුල ඇතුලත් වූයේ ඉන්දන බහාළුම් ය.
තුන්වන දුම්රිය තුල ජර්මන් Wehrmacht භට පිරිස් හා ඔව්න්ට යුද්ධ පෙරමුණට අවශ්ය අනෙකුත් සන්නද්ධ වාහන හා මෝටර් බයිසිකල් ඇතුලත් වුනා.
සවස 03.15 ට පමණ ඔර්ශා දුම්රිය පොලට හදිසියේම ප්‍රභල රුසියානු ප්රහාරයක් එල්ලවූ අතර මුළු දුම්රියපලම මහා ගිනි ජාලාවකට මැදී වුනා.
යුද්ධටැංකි දුම්රියෙන් ඉවතට විසිවී ගිය අතර ඒවා ගිනිගෙන දැවෙන්නට වුනා.
ඉන්ධන බහාලුම් පුපුරා යන්නට වූ අතර පැමිනි මෝටර් රථ හා අනිකුත් වාහන ද ගිනි ජාලාවන්ට හසුවුණා.
හදිසියයේම තමන්ට එල්ල වූ ප්‍රහාරය හමුවේ භීතියටත් කම්පනයටත් පත් ජර්මන් හමුදාවන් හිස හැරුණු අතේ දිවගියා.
ඔර්ශා දුම්රිය නැවතුමේදී ප්‍රහාරයට මැදිවූ ඉහල ජර්මන් නිලධාරියෙක් පසුකලෙක තම දිනපොතේ මෙසේ සටහනක් තබා තිබුනා.
”1941 ජූලි 14 දින රුසියානුවන් විසින් යම් කිසි නව ආයුධයකින් ඔර්ශා දුම්රිය නැවතුමට පහර දුන්නා.මේ වන තෙක්ම එය කුමක්ද යන්න අපට හදුනාගැනීමට නොහැකි වූවත් මෙතෙක් අප දැක ඇති කිසිම ආයුධයකට වඩා එය අතිශය ප්‍රභල එකක් විය යුතුයි.අප වෙත පැමිණි භාණ්ඩ ප්රවාහන දුම්රිය තුන ඇතුලත්ව මුළු දුම්රිය නැවතුම්පලම මුළුමනින්ම විනාශයට පත් වුනා.එහි ප්‍රභලත්වය කෙසේද යත්, යුද්ධටැංකි වල හා දුම්රිය වල ලෝහ ආවරණ උණු වී ද්‍රව බවට පත් වූ අතර මහපොළව ද ගිනිගෙන දැවෙන්නට වුනා.”
මෙය දෙවන ලෝක යුධසමයේ අතිශය ප්‍රභල රුසියානු “කත්යූෂා Rocket Launchers “ වල ප්‍රථ‍ම ප්‍රහාරය යි.
මෙම නව කත්යූෂා වල මුල්ම අත්හදාබැලීම සිදුවුයේ 1941 ජුනි 17 දිනයි.ඒ එවක සෝවියට් අණදෙන නිළධාරියෙක් වූ Timashenkov ගේ අධීක්ෂණය යටතේයි.
මෙම අත්හදාබැලිමෙන් දින තුනකට පසු මෙම ‘කත්යූෂා’ මහාපරිමාණයෙන් නිෂ්පාදනය සදහා අත්සන් තැබුවා.ජූනි 26 වන විට නව ‘කත්යූෂා’ දෙකක් Voronev හි පිහිටි කර්මාන්තශාලාවකදී නිපදවා අවසන් කළා. එය BM-13 ලෙස හැදින්වූ අතර අක්ෂ 3ක් ඔස්සේ භ්රමණය කල හැකි පරිදි Zis-6 ට්‍රක් රථයක සවිකරනු ලැබුවා.
මෙයට විනාශකාරී 132mm රොකට් නිකුත් කිරීමේ හැකියාව පැවතියා.
අණදෙන නිලධාරී Ivan Flyorov ගේ අණ යටතේ ඔර්ශා දුම්රිය නැවතුම්පලට පහර දීමට යොදාගත්තේ මෙම BM-13 මාදිලිය යි.
‘කත්යූෂා’වල පවතී කාර්යක්ෂම බවත් අඩු නිෂ්පාදන පිරිවැයත් නිසා රුසියාවේ යුධ සමය තුල මේවා නිෂ්පාදනය ශීග්රව ඉහල ගිය අතර 1941 ජූලි අවසන්වන විට දෙවන හා තුන්වන ‘කත්යූෂා’Rocket Launcher බතරොයි යුද්ධයේ නැගෙනහිර පෙරමුණට පැමිණියා.
1941 අගෝස්තු වන විට ඉහල සෝවියට් නිලධාරීන් විසින් ‘කත්යූෂා’ රෙජිමේන්තු 8ක් ස්ථාපිත කිරීමට තීරණය කළා.මෙම රෙජිමේන්තුවක් යුධ පෙරමුණේ ප්‍රහාර එල්ල කිරිමට යාමට ප්‍රථම, ඔවුන්ට විශේෂ සෝවියට් සේනාංකයක් මගින් ආරක්ෂාව සපයනු ලැබුවා.
එක් රෙජිමේන්තුවක් යටතේ ඩිවිෂන 3ක් පැවතුන අතර එක ඩිවිෂණයක් යටතේ බතරොයි 3ක් පැවතියා.
බතරොයි එකක BM-13 ට්‍රක් රථ 4ක් පැවති අතර මෙලෙස එක රෙජිමේන්තුවක් යටතේ පැවතී මුළු ‘කත්යූෂා’ ප්රමාණය 36ක්.
1941 වසර අවසන් වනවිට නිෂ්පාදනය කර තිබූ මුළු ‘කත්යූෂා’ ප්රමාණය 592ක් වුනා.
මෙම එක් රෙජිමේන්තුවක් යටතේ සෝවියට් රතුහමුදා සෙබළුන් 1500ක් සේවයේ නිරත වුනා.මොවුන් තෝරාගැනීම අතිශය රහසිගතව සිදුකල අතර එයට හේතුව වූයේ මෙම ‘කත්යූෂා’ ජර්මන් හමුදාවට පමණක් නොව බහුතර රතු හමුදාවටද රහසක් වූ නිසයි.
සෑම BM-13 ට්‍රක් රථයක් තුලම රොකට් වලට අමතරව 30kgක පුපුරණ ද්‍රව්ය අඩංගු වුණා.
මෙම රෙජිමේන්තු වලට තෝරාගන්නා යුධ සෙබළුන් තම පුහුණු කාලය අවසන් කර තම BM-13 (Zis-6) ට්‍රක් රථය සමග යුධ පෙරමුණට යාමට පෙර ප්රතිඥාවක් දිය යුතුව තිබුනා.ඒ තමා මිය ගියත් තම BM-13 ට්‍රක් රථය සතුරාට අල්ලාගැනීමට නොදෙන බවටයි.
සෑම ට්‍රක් රථයක් තුලම “අමතර” 30kg ක පුපුරණ ද්‍රව්ය අඩංගු කර තිබූයේ මේ නිසයි.
‘කත්යූෂා’ රෙජිමේන්තුවක මුළු ප්‍රහාරක කාලයම රදා පැවතියේ තත්පර 5-10 වැනි ඉතා කුඩා කාලයක් තුලයි.
නමුත් මෙම කාලය තුල නිකුත් කරන මුළු රොකට් ප්රමාණය 576ක් වුන අතර ඒ මගින් හෙක්ටයාර 100 ක් තුල ඇති සියලු දේ ගිනිගෙන විනාශ කිරීමේ හැකියාවක් මෙම ‘කත්යූෂා’ වලට පැවතියා.
මෙම රොකට් 800’C තරම් උෂ්ණත්වයකට ලක්ව පුපුරා ගියේ ඒ සමීපයේ පවතින සෑම දෙයක්ම දව අළු කරමින්.මෙම රොකට් තුල අන්තර්ගත කර තිබූ ගිනිගන්නා සුළු ඉන්දනය වූයේ ‘Thermite’ නැමති සංයෝගයයි.
මෙම රෙජිමේන්තුවක් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ක්ෂණිකව තම ස්ථානය වෙනස් කරනු ලැබුවා.ඒ තමන් වෙත එල්ල විය හැකි ප්‍රතිප්‍රහාර වලින් වැළකීමේ අරමුණින්.
යම් හෙයකින් රෙජිමේන්තුවක් සතු එක් BM-13 ට්‍රක් රථයක් හෝ අඩු වුයේ නම් එයට වගකිය යුතු සියලුදෙනාම යුධ අධිකරණයට පැමිණවීම සිදු වුනා.
ජර්මන් හමුදාව සතුවත් රොකට් ප්‍රහාර එල්ල කිරීමට හැකි ආයුධ පැවතියත් ප්‍රහාර එල්ලකළ හැකි පරාසය සලකන විට රුසියානු ‘කත්යූෂා’ රෙජිමේන්තු සිටියේ ඔවුන්ට වඩා බොහෝ ඉදිරියෙන්.
ජර්මානුවන් මෙම ‘කත්යූෂා’සවි කල BM-13 ට්‍රක් රථ අල්ල ගැනීමට දඩයම් සිදුකලත් ඔවුන්ට සාර්ථක වීමට හැකි වූයේ නැහැ.
‘කත්යූෂා’ රෙජිමේන්තුවල රතු හමුදා සෙබළුන් තම ප්‍රතිඥාවට අනුව කටයුතු කල බැවින් ඔවුන්ට අල්ලාගැනීමට හැකිවුයේ දැවී අළුවී ගිය සුන්බුන් ගොඩක් පමණයි.
රුසියානු රොකට් ඉංජිනේරුවන්ගේ රහස් අඟුරු ගොඩක් තුල සැගව ගියා.
රුසියාව පුරා විවිධ කර්මාන්තශාලා වල මෙම ‘කත්යූෂා’ නිෂ්පාදනය ආරම්භ කළා.එම කර්මාන්තශාලා වල සේවකයන්ට දිනකට පැය 12-16 අතර කාලයක් තම රාජකාරි වල කටයුතු කරන්නට සිදු වුනා.මෙම කර්මාන්තශාලා වල බහුතරයක් සේවකයන් කාන්තාවන් වූ අතර ඒ අතර වයස අවරුදු 16 පමණ වන ගැහැණු ළමයින්ද සිටියා.
මෙම ‘කත්යූෂා’වලට අවශ්ය රොකට් නිෂ්පාදනය මුළු යුද්ධ කාලය තුලම නතර වූයේ නැහැ.Leningrad වැටලීමේදී පවා මෙම රොකට් නිෂ්පාදනය දිගින් දිගටම පැවතුනා.
මෙම ‘කත්යූෂා’ සැලසුම් කරන සැලසුම් කරුවන් දිනපතා තම නිර්මාණයන් හොදම ප්‍රතිපල ලබාගැනිමට යාවත්කාලීන කළා.මෙහි ප්‍රතිපලයක් ලෙස 1943 අප්රේල් මාසයේදී දී BM-13N මාදිලිය යුධ පෙරමුණට හදුන්වා දුන්නා.
BM-13N
රොකට් වර්ගය - M 13
පරාසය - 8.5km ට වැඩි
රොකට් ප්‍රමාණය - 16
ක්‍රියාකරුවන් ගණන - 5 - 7
මෙය සවි කරනු ලැබුවේ studebaker –u56 ට්‍රක් රථයෙ යි.
මෙම රොකට් වලට ‘කත්යූෂා’ යන නම ලැබිමට හේතු කිහිපයක් පැවතුනා. කත්යූෂා යනු එකැතරීනා යන කාන්තා නමෙහි කෙටි සහ ආදරණීය ඇමතුම යි.
මෙම නම ලැබීමට එක් හේතුවක් වනුයේ මුල් කාලයේ මෙම රොකට් නිපදවූ Kompressor කර්මාන්ත ශාලාවේ ගැහැණු ළමුන් මෙය හැදින්වුයේ මේ නමින් වීමයි.
දෙවැනි හේතුව වනුයේ මේවා නිපදවූ Voronezh කර්මාන්තශාලාවේ පෙර පවතී නම වන Komutern යන නමේ මුල් අකුරින් ආරම්භ වන නමක් වීම නිසයි.
තුන්වන හා වඩාත්ම ප්‍රභලම හේතුව වනුයේ රුසියාවේ ප්‍රසිද්ධ ගීතයක් වන ‘කත්යූෂා’ ගීතයේ නමින් මේවා හැදින් වීමයි.
කත්යූෂා ගීයෙ හි පදමාලාව පහත ආකාරයේ අර්ථයක් ගෙනෙනවා.
ඇපල් සහ පෙයාර්ස් ගස් ඵලවලින් බර වී
නදී තෙර මිහිදුමින් වැසෙද්දී
ගැඹුරු සහ උස් වූ නදී තෙර ඔස්සේ
ඇවිද යන්නට වුණා කත්යූෂා
ඇය පිය නගයි, ගීයක් ද ගයමින්
ස්ටෙප් බිමෙහි අළු වන් වානේ රාජාලියා ගැන
තමන් සුරැකිව තබාගත් ලියුම් එවන
ඇගේ පරම ප්‍රේමය ගැන
එම්බා ගීතය! තරුණිය ගයන ගීතය!
සූර්යයා දෙසට ම පියඹා යනු
එතැනින් දේශසීමාව කරා පියඹා
ඔහුට කත්යූෂාගේ සුබපැතුම් දෙනු
ඔහුගේ සරල ගැමි තරුණිය මතක් කර
ඇගේ ගීතය අසන්නට දෙනු
කත්යූෂා තම ආලය රකින්නා සේ
ඔහුට රට රකින්නට දෙනු...
තම සේනාංක සමග ‘කත්යූෂා’ රෙජිමේන්තු ද සිටීම නිසා රතුහමුදා සෙබළුන් වඩාත් නොබියව හා දැඩි උද්වේගයකින් සටන් කරන්නට වුනා.
ජර්මන් සෙබළුන් මෙම ‘කත්යූෂා’ හැදින්වුයේ ‘අඳුරු මරණය’ ‘අපායේ ගින්න’ වැනි නම් වලින්. මින් වඩාත්ම ප්‍රචලිත වුයේ ‘ස්ටාලින් ගේ ඕගනය’ යන නමයි.මීට හේතුව වුයේ මේවා දුරට පෙනෙනුයේ සංගීත භාණ්ඩයක නල සමුහයක් ලෙසින් වීමයි.
‘කත්යූෂා’හි ප්‍රහාර වලට මැදිව දිවි ගලවා ගත් ජර්මන් සෙබළුන්ට අනුව එය ඔවුන්ගේ ජීවිතය තුලදී මුහුණ දුන් ත්රාසජනකම සිදුවිමයි. ජර්මානුවන් කත්යූෂා රොකට්වලට දැඩි සේ බිය වුණා.
'කත්යූෂා'වක් ක්‍රියාකරවන රතු සෙබළකු හසු වී නම් එකණෙහිම ඔහු මරා දැමීමට ජර්මානුන් කටයුතු කළේ ද එබැවින්.
මේවායේ හඬ යුධ බිමෙහි ප්‍රකට නාදයක් බවට පත් වූ අතර මෙම රොකට් වාතය තුල වේගයෙන් ඇදී යන විට නැගෙන ශබ්දය ඇතැමුන් විස්තර කරන්නේ සිංහයෙකුගේ ගර්ජනාවක්, බල්ලකුගේ උඩුබුරාලීමක් හා කෙනෙකුගේ අදෝනාවක් මිශ්ර වූ විට නැගෙන ශබ්දයක් ලෙසයි.
මුළු යුද්ධ කාලය තුලදීම මේවා නිෂ්පාදනය හා යාවත්කාලීන කිරීම සිදු වූ අතර එකිනෙකට වෙනස් ප්‍රමාණ,වෙනස් අරමුණු වලට අනුව රොකට් වර්ග 30ක් පමණ නිෂ්පාදනය කලා.
මින් වඩාත්ම ප්‍රභලම මාදිලිය වූයේ M 31 මාදිලිය යි. රතු හමුදා සෙබළුන් මෙය හැදින්වූයේ ‘LUKA’ යන අන්වර්ථ නාමයෙන්.මෙම එක් රොකටයක් 90kg ස්කන්ධයකින් යුක්ත වූ අතර එඅ තුල 30 kg පුපුරන ද්රව්ය අඩංගු කර තිබුණා.මේවා ඉතා සාර්ථක ලෙස බර්ලින් වල ‘වීදි’ සටන් වලදී යොදාගනු ලැබුවා.
දෙවන ලෝක යුද්ධයේ අවසන් අවධියේ Berlin වලදී දියත් කිරීමේ වේදිකා 1510 ක් හා දියත් කිරීමේ රාමු 1795 ක් මෙම ‘කත්යූෂා’රොකට් සදහා යොදාගත්තා.
දෙවන ලෝක යුද්ධයේ මුල් කාලයෙදීම උපත ලද මෙම ‘කත්යූෂා’වන් 1945 මාර්තු වල දෙවන ලෝක යුද්ධය අවසන් කරන තෙක්ම මිත්‍ර පාර්ශ්වයේ ජයග්‍රහණය උදෙසා විශාල දායකත්වයක් ලබා දුන්නා.
වර්තමානයේ ඇතැම් දියුණු රටවල් වල හමුදාවන් සතුව පවතින ඇති නවීන Multiple Rocket Launching Systems ,Air Defence Systems වල මුලාකෘතිය වන්නේ 1941 දී සෝවියට් රුසියාව විසින් නිපදවන ලැබූ මෙම “කත්යූෂා Rocket Launcher” යි.
මූලාශ්ර - youtube
Roar Media - දහස් ගණන් රුසියානු පෙම්වතියන්ගේ ගීතය- කත්යූෂා
Saumya Maduranga

1 comment:

  1. කාගෙද මේ original පෝස්ට් එක ?

    ReplyDelete