කොරෝනා රෝගීන් බෝට්ටුවලින් ලංකාවට පනී.. රට වටා ගුවන්-නාවුක රැකවල් යොදයි.



කොරෝනා රෝගීන් බෝට්ටුවලින් ලංකාවට පනී.. රට වටා ගුවන්-නාවුක රැකවල් යොදයි..කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක් පවතින බව වාර්තා වී ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇත.
එනිසා එවන් සැකකටයුතු යාත්‍රා සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට කොළඹ සිට යාපනය දක්වා මුහුදු කලාප කේන්ද්‍ර කරගෙන ගුවන් හමුදා විශේෂ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මේ ආකාරයට ඉන්දියාවේ සිට කොරෝනා රෝගීන් පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.
එමෙන්ම නාවික හමුදා විසින් රට වටා මුහුදු තීරයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර නිරීක්ෂණ සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ.
 lanka C news

0 comments