ඊශ්‍රායලය.මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නෙ මුලු අරාබිකරයෙම ඉන්න මුස්ලිම් වරුන්ට රිදෙන්න ගහපු පොඩි රටක් ගැන


මේ නම ඇහෙද්දිම අපිට මතක් වෙන්නෙ මුලු අරාබිකරයෙම ඉන්න මුස්ලිම් වරුන්ට රිදෙන්න ගහපු පොඩි රටක් ගැනයි.මං දන්න විදිහට මැද පෙරදිග තියන එකම මුස්ලිම් නොවන රාජ්ය ඊශ්රායලයි.එක පැත්තකින් මධ්යධරණී මුහුදෙනුත්, අනිත් පසින් ඊජිප්තුව, ජෝර්දානය, ලෙබනන් හා සිරියාවෙනුත් වටවුණු රාජ්යයක්.
ආරම්බයෙදි අපෙ පුංචි රටෙන් බාගයක් තරම් වෙන මේ යුදෙවු දේශය බිහිඋනෙ තැනින් තැන සරනාගතයන් වගෙ ඉදපු යුදෙවුවන්ට නිවහනක් විදිහට
යුදෙවුවන්ගෙ ඉතිහාසය දිහා බැලුවොත් මැදපෙරදිග හිටපු සුලු ජාතියක් තමා මොවුන් .
ඊශ්රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය.
අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.
ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක්
නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා.
යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.
මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ.
නිතරම මුස්ලිම්වරුන් අතින් ඝාතනය උන ජාතියක් අතිතයෙ.ඒවගේම ලෝක යුද්ද නිසා සමූලඝාතනය උන ජාතියක්.මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්රායලය. ඉතින් 1948 මේ පුංචි රට ප්රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්රමණය කරනවා.
ඔයවෙද්දි රටෙ වැඩිහරියක් උන්නෙ හිට්ලර්ගෙන් පීඩා විදලා ඊශ්රායලයට පලා ආපු යුදෙවුවො.අඩුම ගානෙ ඔවුන්ට නිසි යුද පුහුනුවක්වත් තිබ්බෙ නැ.
අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්රායලය සති දෙකක් වත් තියේවි කියලා.
ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට.
ඔය විදිහටම ආයෙ අවුරුදු 19කට පස්සෙ මෙ පුංචි රටට තවත් යුද්දයක් එනවා 1967දි .
විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන.හැබැයි ඊශ්රායලය උන්ට දවස් 6න් ඇප නැති වෙන්න ගහල දැම්මා.
මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට
ඔය යුද්දෙ තමා 6 day war නමින් ලෝකෙ ප්රසිද්ධ උනෙ
ආයෙත්
ආයෙත් අවුරුදු 6කට පස්සෙ 1973දි අරාබි රටවල් එකතු වෙලා මෙ පුංචි රටට එරෙහිව යුද ප්රකාශ කරනවා ඒ ඊජිප්තුව හා සිරියාව නායකත්වයෙන්.රාමදාන් යුද්ධය කියලත් මේකට කියනවා
කලින් වගෙ නෙවෙ මෙ යුද්දයට රුසියාවෙන් ආයුද වගෙම දැනුම ලැබුනා අරාබි රටවල් වලට.ඊශ්රායලය යුදෙව්වන් කියන්නෙ සෙල්ලම් නෙවෙයි කියන එකත් ඒගොල්ලන්ට හොඳටම තේරිලයි තිබුණෙ. මේ නිසා මාස ගණනක් තමන්ගෙ සටන හොඳින් සැළසුම් කළා.
කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්රායලය හමුදා සෙබලුන්ට රාත්රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා.හැබැයි අරාබි රටවල මාස ගණනක සැලසුම් ඊශ්රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.ඊශ්රායල ජෙනරල්ලා මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්රශංසාවට ලක්වුණා.
(Arial Sharon. එදා මෙදා තුර ඊශ්රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්). මෙයාගෙ වැඩ මේ යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකය වෙන්නෙත් මෙයාම තමයි )
මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්රායලය නැවතත් ජයග්රාහීව නැඟී හිටියා.
මේ සෑම යුද්ධයකදීම ඊශ්රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා.මීට පස්සෙ ආපු පුංචි මුස්ලිම් ප්රහාර වලට, ඊට වඩා 10 ගුණයකින් බිහිසුණූ ප්රති ප්රහාර ඊශ්රායලය හමුදා එල්ල කළා
පලස්තීන ගරිල්ලන් ඊශ්රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා.
හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර තිබුණු ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා.
ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God)
අද ඊශ්රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.
වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා
කොටින්ම අද මුළු ඊශ්රායලයම එකම War Machine එකක්.මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි
යුද්දෙන් විතරක් නෙවෙ සෑම පැත්තකින්ම යුදෙවුවෝ ලෝකෙ ඉහලටම ආපු ජාතියක්
*.මුළු ලෝකෙන්ම වැඩිම නොබෙල් තෑගි ප්රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්යාවට අදාල තෑගි. )
*.ලොකෙ
3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා
*.ගිය වසර වන විට ලෝකෙ වැඩිම ආයු අපෙක්ශිත රටවල් අතරින් 14 වෙනියට ආවා..
*.Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්රායල නිශ්පාදනයක් ). ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්ය විද්යාව ඉහලම තැනකට ආවා.
*.ඒත් කොහොමද ඊශ්රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි. ඊශ්රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය
මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.7%ක් වගෙ. ඒත් නොබෙල් තෑගි වලින් 20% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්යාව හා තාක්ෂණයට අදාල ඒවා
ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්
කීර්තිමත් භෞතික විද්යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝ වෛද්යවරුන් (සිග්මන් ෆ්රොයිඩ්)
සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)
Facebook නිර්මාතෘ (Mark Elliot Zuckerberg) විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් (Sergey Mikhaylovich Brin) යුදෙව්වෙක් තමයි.
ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ.
පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්යවරයා.
ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)
කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්රමයක් පවා හොයාගත්තා කියනවා.
සෙල්ලන් නැ 😁
ඊශ්රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා.ඒ කියන්නෙ ඊශ්රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා
යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා.
හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා
ඊශ්රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක.හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.
රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.
අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්රායලය පුරවැසිබාවය දෙනවා.
මේගොල්ලො ලෝකය පුරා ඉන්න යුදෙව්වන්ට කියන්නෙ එක දෙයයි " "Come Home"

0 comments