වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද සිට ක්‍රියාත්මකයි

වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ 82ක ලැයිස්තුවක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තිරිඟු, සහල්, සීනි, පරිප්පු, කරවල, ටින් මාළු, උම්බලකඩ, හාල්මැස්සන්, මුං, කව්පි, කඩල ඇතුළු ධාන්‍ය වර්ග, මිරිස් සහ ළුෑණු, කොත්තමල්ලි, පොහොර, භූමි තෙල්, පෙට්‍රල්, විදුලිය, අධ්‍යාපන සේවා සහ නිවාස ඉඩ පහසුකම් විකිණීම ද එම ලැයිස්තුවට ඇතුළත්.

ඖෂධ,බාහිර රෝගී සේවා, සැත්කම් සේවා, කාන්දු පෙරණ ප්‍රතිකාර සදහා ද වැට් බදු පනවා නැහැ.

එහෙත්, සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තු, චැනල් සේවාවන්ට අයත් විශේෂඥ වෛද්‍ය ගාස්තු සහ රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර තිබෙනවා.

සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත හේතුවෙන් කාර්තුවකට මිලියන 100 ක් පැවති තොග හා සිල්ලර වෙළඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව මිලියන 12 යි දශම 5 දක්වා පහත දමා තිබෙනවා.

එමෙන්ම, කාර්තුවකට මිලියන 3 යි දශම 7 යි 5 ක්ව පැවති වැට් ලියාපදිංචි කිරීමේ සාමාන්‍ය සීමාව මිලියන 3 දක්වා පහත දැමුණා.

මීට පෙර වැට් බද්දෙන් නිදහස් කර තිබූ දුම්වැටි, මත්පැන්, දුරකථන සේවා, විදුලි උපකරණ, සුවද විළවුන්, ආභරණ සහ කිරිපිටි මෙවර වැට් බද්දට යටත් කර තිබීම හේතුවෙන් ඒවායේ මිල ඉහළ යනු ඇති.

සියයට 2 ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ වෙනසක් සිදුනොකළ ද කාර්තුවකට රුපියල් මිලියන 3 යි දශම 7 යි 5 ක්ව පැවති පිරිවැටුම් පරිමාව මිලියන 3 දක්වා අඩු කර තිබෙනවා.

දුරකථන, සන්නිවේදන සේවා, විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇති නමුත්, ජාතිය ගොඩගැනීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් සිදුනොවන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

වැට් බද්ද අය නොකරන භාණ්ඩ 82 පහතින්

0 comments