රට බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන හිටපු ජනපති හෙළිකරයි
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, සුරියවැව ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින්.
එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා
- මහ බැංකුවේ බොන්ඩ් වෙළඳාම මේක පුදුම ලාභයක්. අපිට චෝදනා කරනකොට හොරා හොරා කියලා මේක කවදා හරි දිට්ඨධම්මවේදනීය කර්ම අනුව ඔවුන්ටත් ඒක පළිදෙනවා. අද තමන්ගේම කැබිනට් එකේ ඉන්න ඇමතිවරුන් විසින් චෝදනාව ඉදිරිපත් කරනවා හොරා හොරා කියලා. මේ චෝදනාවට මුහුණ දෙන්න ඕන. භයානකම දේ තමයි ජාතික ආරක්ෂාවට තියෙන ප්‍රශ්නය. මං දන්නේ නෑ යාපනයට යන්න තියෙන පුළුවන්කම තව කී දවසක් තියේවිද කියලා. අද නව ව්‍යවස්ථාවක් තුළ ඒ රට බෙදන වැඩපිළිවෙලට අද කුමන්තුණය කරමින් සිටිනවා. මට මතක් වුණේ අලුතින් ආපු කෙනෙක් බෙදපු හැටි රස්සාවල්. මං බැලුවා මොකද දෙයියනේ මේ අව්වේ ගහක් යට. ගෙයක් තියෙන්නේ ගෙයට ගෙන්නගෙන එපෑ හම්බුවෙන්න. මේක එළියේ ඉදගෙන සන්ග්ලාස් දාගෙන උපාධිධාරියෙක් ආවාම අහනවා කොටද කොටනම් ඉතිං ඔයාට කම්කරු. උසනම් සිකියුරිටි. මෙහෙම ඉදලා අපේ ජනතාවට අපහාස කරන්න එපා කියන පණිවුඩය විතරක් මම සජිත් ප්‍රේමදාසට දෙනවා.









0 comments