අතුරුදන්වූ ඇලි කැස්බෑවාගේ කොටස් එළියට?

2013 වසරේදී කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක සිටියදී අතුරුදන්වූ ඇලි කැස්බෑවා සම්බන්ධ විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින්, කැස්බෑවා වළදමා ඇති බවට සැකකෙරෙන දික්වැල්ල - පෙහෙඹිය ප්‍රදේශයේ ඉඩමක පසුගියදා කැනීම් සිදුකළා.

එහිදී එම සත්ත්වයාගේ යැයි සැකකෙරෙන කොටස් කිහිපයක් සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර එහිදී අදාළ සිද්දියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.






0 comments