නිව් ජැෆ්නා ඩොට් නෙට් අත්හිටුවයි.

නීතිවිරෝධී ලෙස කටයුතු කළ නිව් ජැෆ්නා ඩොට් නෙට් දෙමළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.අදාළ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා සඳහන් කළේ.

අදාළ වෙබ් අඩවිය උතුරේ අධිකරණවල විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ අධිකරණ අමාත්‍යාංශය මෙම වෙබ් අඩවියේ පළ කරන ප්‍රවෘත්තිවල ගැටළු සහගත තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව සඳහන්.

එම අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයේදී මෙම වෙබ් අඩවිය මෙරට ලියාපදිංචි වෙබ් අඩවියක් නොවන අතර විදේශරටක සිට මෙහෙයවන බවට තොරතුරු ලැබී ති‍බේ.ඒ අනුව ඒ පිළිබඳව වැඩිදුර සොයාබැලීමක් සිදුකළ යුතු බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වී ඇත්තේ.එම නිර්දේශය අනුව විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අදාළ වෙබ් අඩවිය තාවකාලිකවඅත්හිට
ුවා තිබේ

.මේ අතර මෙම වෙබ් අඩවියේ පළකළ ප්‍රවෘත්තිවලට විරෝධය පළ කරමින් පසුගිය 20 වනදා උතුර පළාතේ ප්‍රදේශ කිහිපයක නීතීඥවරුන් විරෝධතා ද පවත්වා තිබේ.

0 comments