සියත පුවත්පත නැවතත් කරළියට..

Voice of Asia මාධ්‍ය ජාලයේ නිළ පුවත්පත වූ " සියත" පුවත්පත යළි ඇරඹීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.
අධික පාඩූ ලැබීම මත පුවත්පත 2009 දී ප්‍රකාශය නවතා දැමිණි.
මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ අනුග්‍රහයෙන් ඇරඹී සියත පුවත්පතෙහි එවකට කතුවරයා වූයේ දැඩි මහින්ද හිතවාදියකු වූ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාය.
ප්‍රධාන පුවත්පතට අමතරව නිල්ල,ගඟන,තිසර අතිරේක තුන සමඟ එවකට අතිශය පාඨක ආකර්ශනයට පත් සියත පුවත්පත එවකට අළෙවි වූයේ රුපියල් 40ක මුදලකටය.
සියත රූපවාහිනී නාලිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුවේ දැන්වීම් නොලැබීම මත සියත පුවත්පත වැසීගිය බව මාධ්‍ය ක්ෂේත්‍රයේ නොරහසකි.
එහෙත් වත්මන් මුදල් ඇමතිවරයාට සම්බන්ධ පාර්ශ්වයක් සමඟ මෙවර සියත පුවත්පත ඇරඹීමේ සූදානම වන්නේ රජයට එල්ලවන විරෝධයට ප්‍රතිඋත්තර සපයන මාධ්‍යයක් වශයෙනි.

0 comments