මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් දිනා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනපති කියයි
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුළුව ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී
පැවැත්වුණා. රහස් බෑ, බොරු බෑ, තොරතුරු දැන ගැනීමේ අයිතිය යථාර්තයක් කර
ගනිමු, මහජන සේවා ජනමාධ්‍ය සංස්කෘතියට බලකරමු යන තේමාවෙනුයි සම්මේලනය
සංවිධාන කර තිබුණේ. දිවයිනේ සියලු ප්‍රදේශ නියෝජනය කරමින් ප්‍රාදේශීය
මාධ්‍යවේදීන් ඊට එක්ව සිටියා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ඉල්ලීම් සහිත
සන්දේශයක් එම සමිති සම්මේලනයේ නියෝජිතයින් ජනාධිපතිවරයා වෙත භාරදුන්නා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

0 comments