ස්වර්ණවාහිනිය ඒ දවස්වල
මුල් දවස්වල
ස්වර්ණවාහිනී ට්‍රාන්ස්මිෂන් එක උදේ 8.30ට පටන්ගත්තහම එක පහුවදා පාන්දර
3.00 වෙනකං තිබුණු බවත් 1998 පෙබරවාරි 01 වෙනිදා ඉඳන් ට්‍රාන්ස්මිෂන් එක රෑ
12.00ට සීමා කරපු බවත් මම කියවපු පොතක තිබුණා මතකයි.
මුල් කාලයේ ස්වර්ණවාහිනියේ අතිවිශිෂ්ඨ වැඩසටහන් පෙළගැස්මක් තිබුණා. හෙළිදරව්ව, අඬහැරය, නවයයි පහ, කැඩපත, යෙහෙළි, ස්වර්ණෝදය, මහා සිංහලේ වංශකතාව, සාධු නාද, ටිකිරි පැදුර (පසුව හපන් පැදුර ලෙස නම වෙනස් විය ), සිරිපා අවාරේ, මියුසික් බොක්ස් සහ වේගා ගී, ස්වර්ණවාහිනිය කරපු හොඳ මතක හිටින වැඩ ටිකක්.
ස්වර්ණවාහිනිය ඒ දවස්වල අතිවිශිෂ්ඨ වෙන්න ප්‍රධානම හේතුවක් විදියට මම දකින්නේ එතන හිටපු දක්ෂ මිනිසුන්ගේ මහන්සියේ ප්‍රතිඵලයි. රොස්මන්ඩ් සේනාරත්න, එච්.ඩී.ප්‍රේමරත්න, සිඩ්නි චන්ද්‍රසේකර, හේම නලින් කරුණාරත්න, චන්දන සූරියබණ්ඩාර, ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ, ජැක්සන් ඇන්තනී, කැළුම් පාලිත මහීරත්න, උපාලි අරඹේවෙල, අශෝක ශාන්ත කුමාර, ලසන්ත සමරනායක වගේ නිර්මාණශීලි පුද්ගලයින් නිසා ස්වර්ණවාහිනිය බැබළුණා කිව්වොත් නිවැරදියි.
ඒත් පසුකාලීනව මේ දක්ෂයින්ගෙන් බහුතරයක්ම ස්වර්ණවාහිනිය හැර ගිහිල්ලා එතනට වෙන අය රිප්ලේස් වෙනවත් එක්කම ස්වර්ණවාහිනියේ මේ ප්‍රභාව ටිකෙන් ටික් අඩුවෙන්න ගත්තා. විශේෂයෙන්ම 2005න් පස්සේ වගේ කෙරුණු බොහෝ වැඩසටහන්වල ගන්නම දෙයක් නැති සයිස් එකක් ආවා.
ස්වර්ණවාහිනිය චාටර් වෙන්න පටන්ගත්තෙ බුද්ධික කුලසේකර චැනල් හෙඩ් වුණාට පස්සෙ කියලයි මට නම් හිතෙන්නෙ.
මෑත ඉතිහාසයේ ස්වර්ණවාහිනිය අනෙක් අය කරපුවා කොපි කරලා ගොඩ යන්න හදපු අවස්ථා බොහොමයකදිම නාගත්තා. 2008 අවුරුද්දේ කරපු මෙගාස්ටාර් රියැලිටි වැඩසටහන අවසන්වුණේ ස්වර්ණවාහිනි ඉතිහාසයටම මකන්න බැරි කළුපැල්ලමක් එකතුකරගෙනයි. සිරස රියැලිටි කරපු රැල්ලට සින්ගින් ස්ටාර්, ෂැඩෝ ස්ටාර් වගේ වැඩසටහනක් කළත් ඒවයේ ජයග්‍රාහකයින්ට මොකද වුණේ කියල හොයාගන්නවත් නෑ. ඒ වගේම ඉන්දියාවේ කරපු වැඩසටහනක ආකෘතියක් කොපිකරලා "ලවින් ස්ටාර්" කියල වැඩසටහනටත් සෑහෙන මහජන අප්‍රසාදයක් එල්ල වුණා.
මේ කරන කොපි කිරිල්ලේ අළුත්ම ගොංපාට් එක තමයි දෙරණේ යන "සිඳු" ටෙලිනාට්‍යයේ සංකල්පය කොපි කරලා "සකී" කියල හදන ටෙලිනාට්‍යය. චැනල් එකක් ජනප්‍රිය වෙන්න නම් හැම තිස්සෙම වෙනස් සහ නිර්මාණශීලි යමක් කරනවා මිසක් මෙහෙම ඉවක් බවක් නැතිව කොපිකිරීමෙන් පලක් නැහැ කියලයි මම විශ්වාසකරන්නෙ.
මම දැන් ස්වර්ණවාහිනියේ යන වැඩසටහනක් බලනවා නම් ඒ රෑ 8.00 ප්‍රවෘත්ති විතරයි. අනිත් වැඩසටහන් බහුතරයක්ම ගොන්පාට්. ටෙලිනාට්‍ය නම් ගූ හැත්තෑවයි. ඒ ප්‍රොග්‍රෑම් හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ට.
මෙහෙම කියද්දි ස්වර්ණවාහිනියේ වැඩකරන අයට නම් හිත රිදෙයි. ඒත් කරන්න දෙයක් නෑ. චැනල් එකේ යහපත වෙනුවෙන් පෙනෙන්න තියෙන ඇත්ත තත්වය කියන්නම වෙනවා. අඩුම ගාණේ ඒ අය හරහා හරි මේ කාරණා ප්‍රධානීන්ට දැනගන්න ලැබෙනවා නම් වැඩසටහන්වල ගුණාත්මකභාවයේ යම්කිසි සාධනීය වෙනසක් කරන්න පුළුවන් වේවි කියල මට හිතෙනවා.
- පවර දේශප්‍රිය

0 comments