පාළු නිවසක් තුළ ප්‍රේමයෙන් වෙළුණු පාසල් පෙම්වතුන් යුවලට හිමි වූ දේ
එම සිසුවිය සහ සිසුවා නිකවැරටිය ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරණ අය බවයි සඳහන් වෙන්නේ.
අදාළ සිසුවිය සහ සිසුවා පාළු නිවසක් තුළ අසභ්‍ය ක්‍රියාවක නිරතවෙමින් සිටියදී අසල්වැසි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දැක තිබෙනවා.
ඔවුන් දෙදෙනා විසින් අසභ්‍ය ලෙස හැසිරුණු ළමයි දෙදෙනා අල්ලා ගැනීමට එනවිට පිරිමි ළමයා විසින් කාන්තාවට සහ පිරිමි පුද්ගලයාට පහර දී පැනලා ගිහින්.
පහරදීමෙන් එම කාන්තාව තුවාල ලබා ඇති අතර නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව අදාළ සිසුවිය සහ සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් තිබෙනවා.
එහිදී අධිකරණය නියෝග කර තිබුණේ අදාළ සිසුවා පරිවාස භාරයට පත්කරන ලෙසයි.
මීට අමතවර රුපියල් 5000ක ශරීර ඇපයක් ද ඔහුට නියමකෙරුණා.
අදාළ සිසුවිය ඇයගේ මවට භාරදීමට අධිකරණ උපදෙස් මත පොලිසිය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.









0 comments