මන්ත්‍රී දීමනාව ලක්ෂය දක්වා ඉහළට?

රුපියල් ලක්ෂය දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාව ඉහළ දැමීමේ යෝජනාව අද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා.

පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇති.

මන්ත්‍රීවරුන්ගේ දීමනාව ලක්ෂය දක්වා ඉහළ දැමිය යුතු බව රජය මීට පෙර ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදාළ දීමනාව ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණීමේ දීමනාව ද දිනකට රුපියල් 500 සිට 2500 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී තිබෙනවා.

0 comments