මට තව බබෙක් හදන්න ආසයි
"මං මේ දවස්වල දරුවා ලැබිල හරිම සතුටින් ඉන්නේ. මං දුවට නම තිබ්බෙ ධනුජි ෂැනන් පෙරේරා කියලා. මං එයාට ෂැනන් කියල නම තිබ්බෙ පිටරටකදි භාවිතා කරන්න වුණොත් පහසු වෙන නිසා. බබා ලැබුණ අත්දැකීම හරිම අමුතු එකක් ලැබෙන්න තියන දවසට කලින් ශල්‍ය කර්මයකින් තමයි බබාව ලබාගත්තේ.
වෙනදා වගේ නෙමෙයි හරි ඉක්මණට කාලය ගතවෙනවා. මට පැය දෙකින් දෙකට එයාට කිරිදෙන්න වෙනවා. ඒක හරිම යුද්ධයක් වගේ.
දරුවා නිසා මගේ ආදර බලු සුරතලා රොකීව මට ඈත් කරන්න සිද්ධ වුණා. එයා බූල් බල්ලෙක් නිසා බබා එක්ක ගෙදර තියාගන්න අමාරුයි.එයාව අම්මගෙ ගෙදරට යැවුවා.මාස 6 ක් විතර යනකං මගෙ ළඟට ගන්න බැරි වේවි.
මගේ සැමියා මාව ආදරයෙන් බලාගන්නවා. මේවගේ සැමියෙක් මට දීපු එක ගැන මම හැමදාම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා. දැන්නම් මට තව බබෙක් හදන්නත් ආස හිතිලියි තියෙන්නෙ"









0 comments