මට තමා කවද හරි පිරිමි ළමයෙක්ගෙන් අහන්න වෙන්නේ
ඒ ගැන වගේම අළුත් තොරතුරු ගැනත් ඇය පුවත්පතකට කිව්වෙ මෙහෙම.
කොහොමද ජීවිතේ?
මේ දවස්වල හිරු මෙගාස්ටාර් රියැලටි එකේ ඉන්න නිසා ගොඩක් කාර්යබහුලයි. මගේ කණ්ඩායම සූර්යන්ස්. ඉතින් ඒකේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි වෙනවා.
පළමු සම්මානය පසුගිය දවසක ඔබට ලැබුණා?
ඔව්. ඒ මගේ පළමු සම්මානය. මම සතුටු වෙනවා ඒ ලැබුණු ඇගයීමට. මේ මගේ පළමු මියුසික් වීඩියෝ එක. ඒ තරම් සතුටක් නැහැ මට.
හීනයක් තිබ්බද කවද හරි ගීතයක් කළේ?
නැහැ. කිසිම කැමැත්තක් බලාපොරොත්තුවක් හීනයක් තිබ්බේ නැහැ මට.
කොහොමද එහෙනම් මේ ගීතය කළේ?
ඒක සිද්ධ වුණේ අහම්බෙන් කිව්වත් වරදක් නැහැ. මීට වසර දෙකකට විතර කලින් මම ඇනෙක්ස් එකක හිටියේ. මම ඉතින් අලුත් ඇනෙක්ස් එකක් ගත්තා ගෙදරක උඩ තට්ටුව. ඉතින් මම ඒ ගෙදර ඉන්න කොට නිදන් ඉන්න ඇඳ උඩ පැලෙන්න තරම් සද්දේ. පස්සේ බැලින්නම් පහළ තියෙන්නේ අපේ ළහිරු පෙරේරාගේ (ලා සිංඤෝරෙ) ස්ටුඩියෝ එක. ඉතින් මම වැඩ නැතිව ගෙදර ඉන්න වෙලාවට පහළ ස්ටුඩියෝ එකට ගිහින් අහගෙන ඉන්නවා. සංගීතයට සවන් දෙන්න කොහොමත් මම කැමැතියි. ඉතින් ඔහොම ඉන්නකොට මටත් ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මගේ හිතවත් මනුරංග විජේසේකර මට කිව්වා අපි සින්දුවක් කරමු කියලා. ආසාවක් ඇති වුණාට මට පොඩි බයක් තිබ්බා. ඒ නිසා මුලින් මම බෑ කිව්වා. ඊට පස්සේ මනුරංග මට කිව්වා හරියන්න හරි වරදින්න හරි අපි කරමු කියලා. ඊට පස්සේ ඉතින් මම මේ සාරි පොටේ ගීතය කළා.
එතකොට අපි මේ සම්මානය ලැබුණු මියුසික් වීඩියෝ එක ගැනත් කියමු
මුලින්ම හිතුවේ නැහැ වීඩියෝ එක ගැන මම හිතුවේ සින්දුව කරලා රේඩියෝ චැනල්වලට දෙන්න. හැබැයි සින්දුව කළාම කට්ටියම කිව්වා මේකට ලස්සන වීඩියෝ එකකුත් කරමු කියලා. මොකද මේ සින්දුවට හොඳට නටන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඉතිං මියුසික් වීඩියෝ එකකුත් කළා. දකුණු ඉන්දීය විදියට ෆිල්ම් එකක වගේ අපි වෙනස් වීඩියෝ එකක් කළේ. ඔහොම තමා සාරි පොටේ මියුසික් වීඩියෝ එක හැදුණේ.
රංගන ශිල්පිනියක් වුණාට මුල්ම සම්මානය සංගීත සම්මාන උළෙලකින් නේද?
ඒක තමා හරිම විහිළුව. මම දැන් රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු නවයකට වැඩියි. රංගනය සම්බන්ධයෙන් මට සම්මාන ලැබිලා නැහැ. අඩුම ගානේ ජනප්‍රිය අංශයෙන් වත් සම්මාන ලැබිලා නැහැ. ඉතින් මට හරි සතුටුයි මේ සම්මානය ගැන. මම සරිපොටේ සින්දුව කරද්දී තිබ්බේ ඔක්කොම බුට් සින්දු. ඒ රුල්ල ඒ වෙනකොට කැඩුවේ සංඛ දිනෙත්ගේ රෝස කල්පනා සින්දුව සහ මගේ මේ සාරිපොටේ සින්දුව. මල් රුල්ලට අභියෝගයක් වුණේ මේ සින්දු දෙක වෙනසට සහ ඒ උත්සාහයට ඇගයීමක් කළ එක ගැන මම දෙරණට ස්තූතිවන්ත වෙනවා. මොකද මේ සම්මානය ලැබුණේ මියුසික් වීඩියෝ වෙනුවෙන්. දැන් ඉන්න තරුණ පිරිස වෙනසක් කරන්න මහන්සි වෙනවා. සමහර වෙලාවට ඒ දේවල් ගැන හරියට සමාජ ගත වෙන්නේ නැහැ.
යුරේනි ඉදිරියටත් තව ගීත කරනවාද?
මම ශාස්‌ත්‍රීය සංගීතය හදාරලා නැහැ. නමුත් මම සින්දු කියන්න බැරිම කෙනෙක් නෙවෙයි. නමුත් සාමාන්‍යයි. ඉතින් මම ඒ මගේ හැකියාව තේරුම් අරන් ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න හැමෝම අති දක්ෂ ගායකයෝ නෙවෙයිනේ එහෙම වෙන්නත් බැහැනේ. ඒ නිසා මගේ හැකියාවෙන් මම සින්දු කරයි. මට ගැළපෙන සින්දු යුරේනි කිව්වම මැවෙන ප්‍රතිරෑපයක් තියෙනවානේ ඒක ඇතුළේ තමා මම අලුත් දේ කරන්නෙත්. මොකද කාගේවත් විහිළුවකට ලක්වෙන්න මම සින්දු කරන්නේ නැහැ.
රංගන ශිල්පිනිය යටපත් වෙලා යුරේනි කියන ගායිකාව මතුවෙයිද?
මම රංගනයට ආදරෙයි ඒක තමා මගේ සහජ හැකියාව. ඒක තමා මගේ ජීවිතේ අංක එක. සංගීතයටත් මම කැමැතියි ඒ තුළිනුත් මම තෘප්තියක් ලබනවා. ඒ නිසා මම සින්දුවක් දෙකක් කරයි. නමුත් රංගනය යටපත් වෙන්න තරම් සින්දු කරන්නේ නැහැ.
ගීතයේ විදියටම ඇහුවොත් සාරි පොටේ කට්ට ගසා ගන්න කෙනෙක් නැද්ද?
තාම නැහැනේ
ඇයි ඒ?
දන්නේ නැහැ ඇයි ඒ කියලා. මගේ යාළුවෝ හිතන්නෙත් මම බොරු කියනවා කියලා. නමුත් මම දන්නේ නැහැ පිරිමි ළමයි මගෙන් ආදරේ කරන්න අහන්නේ නැහැ. ඒ අයට මාව දැක්කම සෙරප්පු පාරක් කන්න වෙයි කියලා හිතෙනවද දන්නේ නැහැ. ඉතින් කවද හරි දවසක මට හොඳයි ගැළපෙනවා කියලා හිතන කෙනෙක් හම්බුණදාට ඉතින් බලමු. නැත්නම් ඉතින් මට තමා අහන්න වෙන්නේ කවද හරි පිරිමි ළමයෙක්ගෙන්.
අනාගත බලාපොරොත්තු?
රංගන ශිල්පිනියක් විදියට ඉහළටම යන්න තමා අනාගතේ එකම බලාපොරොත්තුව.









0 comments