තීන්දුවක් ලැබෙනතුරු CSN සංඛ්‍යාත පිළිබඳව තීරණයක් ගන්න එපා අධිකරණය වගඋත්තරකාර පාර්ශ්වයට දන්වයි..

CSN රූපවාහිනී නාලිකාව සඳහා දැනට ලබාදී ඇති සංඛ්‍යාත වෙනත් රූපවාහිනී වෙත ලබාදීමට කටයුතු නොකරන ලෙස CSN රූපවාහිනී නාලිකාවේ බලපත්‍ර අවලංගු කිරීමට එරෙහිව ගොනුකළ රීට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අධිකරණය මඟින් පෙත්සමට අදාල වගඋත්තරකාර පාර්ශ්වය වෙත දන්වා තිබේ.
එළඹෙන 16 වන දා මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිත අතර එදිනට කරුණු දක්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට අධිකරණය විසින් නියෝග කොට ඇත.
මේ අතර සාධාරණ තීන්දුවක් ලැබුණු වහාම CSN නාලිකාව යළි අරඹන බව CSN නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මහතා පැවසීය.

0 comments