Local - උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් 3 ක් ජාතික රෝහලේ
උපවාසයට අදට දින 3 ක් ගතවනවා.
උපවාසයේ නියුතු රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සඳහන් කළේ මේ වන තෙක් රජයේ කිසිඳු නිලධාරියෙක් තම ගැටලුව
විසඳීමට ඉදිරිපත් නොවූ බවයි.
වසර 12 ක සේවා කාලය සම්පූර්ණවීමට පෙර විශ්‍රාම ගිය ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ වූයේ පසුගිය 31 වැනිදායි.
විරෝධතාවය අතරතුර ආබාධිත රණවිරුවන් පිරිසක් පසුගිය 3 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.
පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේද ඔවුන් උපවාසයේ නිරත වනවා.








0 comments