Local - මම අද එනවා - අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

විදේශගතව සිටින තමන් අද දිනයේදී යළි දිවයිනට පැමිණෙන බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සමීපතමයෙකුගේ පුත්‍රයෙකුගේ විවාහ මංගල උත්සවයක් සඳහා තමන් ඉකුත් බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පැමිණි බවයි.

යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු තමන්ට රජයෙන් පවරා ඇති වගකීම් නිසි අයුරින් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවයි අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශ කර තිබෙන්නේ.

කෝප් වාර්තාව පිලිබඳ තමන් අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවලින් තොරතුරු දැනගත් බවත් ඒවා තමන්ගේ රාජකාරී කටයුතු සඳහා බාධාවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කොට තිබෙනවා.

තමා සහ තමන්ගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් වරදක් කර ඇති බව කෝප් වාර්තාවෙන් දක්වා තිබෙනවා.

තමන් ලංකාවට පැමිණීමෙන් පසු ඒවාට පිළිතුරු ලැබෙනු ඇති බවයි අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රකාශකර තිබෙන්නේ. 

0 comments