ගෝඨාභය රාජපක්ෂ ඇතුලු 07දෙනෙකුට විදෙස් ගතවීමට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.

මේ සම්බන්ධයෙන් රජයේ නීතීඥවරයාගේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේදී ඊට විරුද්ධත්වයක් නොමැති බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව අදාළ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබුවා.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩු කළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලු අටදෙනෙකුට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

මෙම නඩුවේ දෙවන විත්තිකාරිය අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඊට හේතු දක්වමින් වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කර තිබුණා.

0 comments