‘හෙඩ් ලයිට්‘ දාගෙනයන ප්‍රභූන්ට වැඩ වරදියි

ප්‍රධාන ලාම්පු දල්වාගෙන අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන ප්‍රභූ පුද්ගලයන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොලිස්පතිවරයාට නියෝගකර තිබෙනවා.

අදාළ වාර්තාව කඩිනමින් තමන්ට ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ.

වාහනයේ ප්‍රධාන ලාම්පු හා වෙනත් විවිධ වර්ණවලින් යුත් විදුලි ලාම්පු දල්වාගෙන ඇතැම් ප්‍රභූ පුද්ගලයන් රිය ධාවනය කරන බවට ඉකුත් සමයේදී ජනාධිපතිවරයාට පැමිණිලි ලැබී තිබුණා.

ඒම පැමිණිලි පිලිබඳ අවධානය යොමුකර ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

0 comments