අද සිට ඉන්ධන මිල ඉහළ යන හැටි මෙන්න

ඉන්ධන් වර්ග කිහිපයක මිල වෙනස්වී තිබෙනවා.

එම වෙනස්වීම සිදුව තිබෙන්නේ ලංකා අයි ඕ සී සමාගමේ ඉන්ධන වර්ගවලයි.

ඒ අනුව ඔවුන්ගේ ඉන්ධන වර්ග දෙකක මිල ඉහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම තොරතුරු වලට අනුව  එක්ස්ට්‍රා ප්‍රීමියම් යූරෝ ත්‍රී සහ එක්ස්ට්‍රා මයිල් වර්ගයේ  ලීටරයක් රුපියල් දෙකකින් ඉහළ ගොස් තිබෙනවා.

එම ඉන්ධන වර්ග දෙකේ මිල වැඩිවීම අදසිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

ලංකා අයි ඕ සී සමාගම සුපිරි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කළේ පසුගිය ජූලි මාසයේදීයි.

0 comments