දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව update කරන්නේ මමයි
දුමින්ද සිල්වාගේ නිල Facebook පිටුවට ඡායාරූප පලකරන්නේ Facebook ඇඩ්මිනිස්ට්‍රේටර් ලෙස තමන් බව පවසන දිලිනි සිල්වා මහත්මිය කියා සිටියේ මෙය නිසි සොයා බැලීමකින් තොරව ජනතාව නොමඟ යැවීමට හා රැවටීම උදෙසා පලකළ පුවතක් බවයි.
තවද දුමින්ද සිල්වා මහතාගේ Facebook පිටුවේ යවත්කාලීන වන්නේ ඡායාරූප හා වීඩියෝ පමණක් බවත් එහි "Administered by Dilini Silva" ලෙස ඉතා පැහැදිලිව සටහන් කර තිබෙන බවද ඔහුගේ සොහොයුරිය මෙහිදී සඳහන් කළා.
ඕනෑම ෆේස්බුක් පිටුවක ඇඩ්මිනිස්ට්‍රේටර් අයිතිය ඇති ඕනෑම කෙනෙකුට එහි ඕනෑම දෙයක් පලකළ හැකි බව ෆේස්බුක් භාවිත කරන ඕනෑම අයෙක් දන්නා කරුණක් බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
තවද දුමින්ද සිල්වා මහතාගේ Facebook ගිණුමේ "Administered by Dilini Silva" ලෙස පැහැදිළිව සඳහන් වන අයුරු පහතින්...









0 comments