ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සිය 50 වන සංවත්සරය සමරයි.

රේඩියෝ සිලෝන් යන නමින් දෙපාර්තමේන්තුවක
් ලෙස පැවති ලංකා ගුවන්විදුලිය දෙපාර්තමේන්තුවක් වශයෙන් කටයුතු කිරිමේදි ඇති වූ දුෂ්කරතා හා ගුණාත්මක ගුවන්විදුලි සේවයක අවශ්‍යතාව හේතුවෙන් 1967 ජනවාරි 05 වැනිදා සංස්ථාවක් ලෙස ස්ථාපිත කෙරිණි.

ඒ නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතායි. ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූයේ නෙවිල් ඩී. ජයවිර මහතායි. 1972 දි ජනරජ ව්‍යවස්ථාව සම්මත විමෙන් පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරිණි.

ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් මේ වසර පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව විධිවිධාන යොදා තිබෙ. ස්වර්ණ ජයන්ති සමරු උත්සවය සංස්ථා කුමාරතුංග මැදිරියේදි අද පස්වරු 3.00 ට ඇරඹෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති.

සංස්ථාවේ නව පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රතිසංවර්ධිත මැදිරි සංකිර්ණය විවෘත කිරිම ද ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවෙයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක . නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුද එම අවස්ථාවට එක්වෙති.

සමරු උත්සවය නිමිත්තෙන් මුල්දින කවරයක් හා තැපැල් මුද්දරයක් නිකුත් කිරිමද අද සිදුවෙයි. ස්වර්ණ ජයන්ති සමරු උත්සවය පිළිබඳව සජිවි විස්තර ප්‍රචාරයක් සියලුම සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ.

සංස්ථා මැදිරි සංකිර්ණය ප්‍රතිසංවර්ධනය සදහා රුපියල් කෝටි 20 ක මුදලක් වැය කෙරිණි. මෙම මැදිරි සංකිර්ණය ප්‍රතිසංවර්ධනය කෙරුණේ දශක හතරකට පමණ පසුවයි. ඒ යටතේ මැදිරි 12 කට නවීන තාක්ෂණය හදුන්වා දි තිබේ.

සංස්ථා කුමාරතුංග මැදිරිය බහු මාධ්‍ය මැදිරියක් ලෙස සංවර්ධනය කෙරේ. 50 වන සංවත්සරය නිමිත්තෙන් සංස්ථාවේ ගොඩනැගිලි සංකිර්ණය අලුත්වැඩියා කෙරිණි.

ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 50 වන සංවත්සරය නිමිත්තෙන් සංස්ථා පරිශ්‍රයේදි හෙට සර්වරාත්‍රික පිරිත් දේශනයකි. එයද අද රාත්‍රි 9.30 සිට පසුදා අලුයම 4.30 දක්වා සිංහල ස්වදේශිය සේවය ඔස්සේ සජිවිව විසුරුවා හැරේ. පසුදා මහා සංඝරත්නය විෂයෙහි හීල්දානය පිළිගැන්විමට විධිවිධාන යොදා තිබේ.

ඊට සමගාමිව ලබන සදුදා සංස්ථා නව ගොඩනැගිල්ලේදි සර්ව ආගමික වතාවත් පැවැත්වේ.

ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ ගවේෂණාත්මක සඟරාවක් නිකුත් කිරිම . සිංහල ස්වදේශිය සේවයෙන් ප්‍රචාරය කෙරුණු බසක මහිම වැඩසටහනේ ඇතුළත් කරුණු ග්‍රන්ථයක් ලෙස එළිදැක්විම සංස්ථාව වැඩසටහන් කාර්ය මණ්ඩලය සදහා ඇඟයිම් සම්මාන උළෙලක් පැවැත්විම ,ස්වර්ණ ජයන්ති සමරුව නිමිත්තෙන් ඉදිරියේදි ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් අතර වෙයි.
via fm & tv sri lanka
 
 

0 comments