ලොව ධනවත්ම 8 දෙනා ලෝකයෙන් අඩක ධනයේ හිමිකරුවන්

ලොව ධනවත්ම පුද්ගලයන් 8 දෙනා සතු ධනස්කන්ධය ලෝකයේ දුප්පත්ම අර්ධය එනම්, කෝටි 360ක් ජනතාව සතු ධනයට සමාන බව ඔක්ස්ෆෑම් ආයතනය ප්‍රකාශ කළා.

එමගින් පෙන්වා දෙන්නේ ලෝකයේ දුප්පත් - පෝහොසත් භේදය සීග්‍රයෙන් වර්ධනය වන බවයි.

ඔක්ස්ෆෑම් ආයතනය මෙම තොරතුරු හෙළි කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීවයි.

0 comments