ඉරණවිලින් Voice of America අයින් කරන්න කැබිනට් අනුමැතිය
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉරණවිල ප්‍රදේශයේ 'ඇමෙරිකානු හඬ' (Voice Of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය
පිහිටි ඉඩමේ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම රජයට පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
අදාළ බදු ගිවිසුම් කාලය අවසන් වීමට පෙර එම සම්ප්‍රේෂණාගාරය
වසා දමා අදාළ ඉඩම මෙන්ම එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම් / දේපළ ශ්‍රී
ලංකා රජය වෙත භාර දීමට අපෙක්ෂා කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින්
දන්වනු ලැබ තිබූ බව අද (ජන. 18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය
හමුවේදී සඳහන් කෙරිණි.
ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික
කටයුතු අමාත්‍යවරයාවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අදාළ ඉඩමේ බදු
ගිවිසුම අවලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කළේය.
ඉරණවිල පිහිටි හෙක්ටයාර 166.038 ක බිම් කොටසක් 'ඇමෙරිකානු හඬ' (Voice Of America) ගුවන් විදුලියේ සම්ප්‍රේෂණාගාරයක් පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට බදු දෙනු ලැබිණ.
BBC සිංහල
0 comments