අධික සීතල හේතුවෙන් පුද්ගලයන් පිරිසකට බලපෑම්
මෙම කාලගුණික තත්ත්වය අලුත උපන් දරුවන්, ගැබිනි මවුවරුන් හා මහලු අයට අහිතකර ලෙස බලපෑම් එල්ලවිය හැකි බවට මේ වනවිට අනාවරණය වී තිබෙනවා
එවැනි පිරිස් පිලිබඳව විශේෂ අවධායනයක් යොමු කරන ලෙසටයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ.
මේ සඳහා ශරීර උෂ්ණත්වය පවත්වාගත හැකි ඇඳුම් පැළඳුම් හා හිස් ආවරණ භාවිත කිරීම, උණුසුම් ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම, ඛනිජ ලවණ හා විටමින් බහුල ආහාර ගැනීම, සිදුකළ හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
මේ අතර කුඩා දරුවන්ට හා මහලු අයට හුස්‌ම ගැනීමේ අපහසුතාවන් පවතී නම් වහා වෛද්‍යවරයකු හමුවීම හෝ රෝහල් වෙත යා යුතු බවයි වදිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.









0 comments