අත්අඩංගුවට ගෙන සිටින සරසවි සිසුන් නිදහස්කරන්න

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව කෝප් කමිටු සාමාජිකයින්ට සිතාසි නිකුත් කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද (27) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඇසීය.

එමෙන්ම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමුකර තිබුණි.

එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කළේය.

ඊට මැදිහත් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අත්අඩංගුවට ගෙන සිටින සරසවි සිසුන් කඩිනමින් නිදහස් කරන ලෙසයි.

0 comments