විස්සෙන් පසු උතුර - නැගෙනහිරට වැසි ලැබෙන ලකුණු

සුළං ප්‍රවාහය වෙනස්වීම නිසා ජනවාරි 20 වනදා සිට දිවයිනේ උතුර සහ නැගෙනහිර කොටස්වලට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම ඉදිරියේදී පවතින ශීත කාලගුණික තත්ත්වය තාවකාලිකව අඩුවනු ඇතැයි සඳහන්.

එසේම බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල උදය කාලයේ තවදුරටත් මීදුම් තත්වයක් බලාපොරොත්තුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

0 comments