CSN සංඛ්‍යාත ගැන ඉදිරි පියවර එපා අධිකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්ට නියෝග කරයි..

විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන CSN රූපවාහිනී නාලිකාවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිඳු ඉදිරි ක්‍රියාමාර්ගයක්
නොගන්නැයි අභියාචනාධිකරණය ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට අද දෙවන වරටත් නියෝග කළේය.

අධිකරණය එම නියෝගය කළේ, සිය විකාශන බලපත්‍රය අවංගු කිරීමට එරෙහිව එම රූපවාහිනී සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් ලිඛිත විරෝධතා ඉදිරිපත් කළ අතර, එයට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ලබන 26 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

අනතුරුව පෙබරවාරි 16 වැනි දින පෙත්සම විභාගයට ගැනීමට නියම කළ අධිකරණය, එතෙක් නාලිකාවට අයත් සංඛ්‍යාත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නැයි වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නේය.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතියට පටහැනි බව පවසමින් සීඑස්එන් නාලිකාවේ බලධාරීන් අධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

කෙසේවුව ද අද දින තම සංඛ්‍යාත ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය දැඩි ලෙස කරුණු දක්වා ඇත.එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය රීට් පෙත්දම විභාගය ලබන 16 දක්වා කල් දමා තිබේ.

මෙම තීරණයත් සමඟ CSN නාලිකාව යළි ඇරඹීම පිළිබඳව වූ නාලිකාවේ බලාපොරොත්තුව යළි බිද වැටී තිබේ.මෙමඟින් මේ වනවිටත් නාලිකාවේ සේවය කරන බහුතරයකගේ රැකියාව පිළිබඳව බලාපොරොත්තු සුන්වී ඇත.

එහෙත් අප වෙත වාර්තාවන අන්දමට CSN නාලිකාවට බලපත්‍ර ලබානොදීම පසුපස සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බවක් පෙනේ.ඒ පිළිබඳව ඉදිරියේ දී අනාවරණයට අප සූදානම්.
 
 

0 comments