ට්‍රම්ප් නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම කල් දමයි

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ විරෝධතා හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කිරීම කල් දමා තිබේ.

සෞඛ්‍ය සහ මූල්‍ය පරිපාලන වශයෙන් නව අමාත්‍ය ධුර දෙකක් පත් කිරීමට ට්‍රම්ප් සැලසුම් කර තිබුණේය.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසා ඇත්තේ මෙම නව අමාත්‍ය ධුර දෙක සදහා නම් කළ පුද්ගලයින් අදාළ අමාත්‍යාංශවල ප්‍රවීනයන් ද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවයි.

0 comments