Discovery වෙතින් DSPORT නමින් ක්‍රීඩා නාලිකාවක්...

ලෝ සුපතල Discovery Communication සමාගම විසින් #DSPORT නමින් නව ක්‍රීඩා නාලිකාවක් ළඟදීම ඇරඹීමට සූදානම් බව පසුගියදා මාධ්‍යයට හෙලි කරනු ලැබීය.

දිනකට පැය 10 කට වඩා සජීවී ක්‍රීඩා තරඟ විකාශනයක් සමඟ නැවුම් අත්දැකීම් රැසක් ලබා දීමට සූදානම් DSPORT නාලිකාව හරහා ක්‍රිකට්, පාපන්දු, රග්බි, තුරඟ තරඟ සහ පාපැදි සවාරි ඔබට නැරඹීමට හැකිවනු ඇත.
ලෝ ප්‍රකට සුපිරි ක්‍රීඩා තරඟාවලි රැසක නිල විකාශන අයිතිය දැනටමත් DSPORT නාලිකාවට ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බවද මෙහිදී ප්‍රකාශයට පත්විය.

සියලුම DTH හා Cable ප්‍රවාහ ඔස්සේ DSPORT නාලිකාව SD හා HD මාදිලි දෙකෙන්ම ළඟදීම ඇරඹෙනු ඇත.

0 comments