ඇවිලෙන ගින්නට පෝර දමන්නෙක්

මේ දිනවල මාධ්‍ය ආයතන පිළිබඳව විවිධ වූ කට කතා සහ දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වන්නේ මාධ්‍ය ආයතන වල ජනප්‍රිය පුද්ගලයින් වෙනත් මාධ්‍ය ආයතන වෙත ඉහල වැටුපට හුවමාරු වීමත්, නව රුපවාහිනි නාලිකා සහ රේඩියෝ නාලිකා ආරම්භ කිරීමත්ය.

මීට අමතරව මාධ්‍ය ආයතන වල පුටු රත් කරමින් ඉහල වැටුප් ලබාගත් පිරිසටද මේ වන විට වෙනතක් බලා ගැනීමට සිදුව තිබෙනවා.

මාධ්‍ය ක්ෂේත්‍රයේ මේ උණුසුම් කාල වකවානුවේදී බොරදියේ මාළු බෑමට තැත් කරන පිරිසක්ද සිටින බව අමුතුවෙන් මතක්කර දිය යුතු නොවේ. මේ ඒ සඳහා ලබා දිය හැකි හොඳම උදාහරණයකි.

මේ ආකාරයට බොරදියේ මාළු බෑමට උත්සහ දරන පිරිසගේ අලුත්ම වෑයම වී තිබෙන්නේ මාධ්‍ය ආයතන පිළිබඳව ව්‍යාජ පුවත් මවමින් මාධ්‍ය ආයතන, ආයතන අතර ගැටුම් ඇති කිරීමට උත්සහ දැරීමයි.

මෙම ගැටුම් ඇති කිරීමට කටයුතු සලස්වන පුද්ගලයාද තවත් මාධ්‍ය ආයතනයක පුද්ගලයෙක් වීම විශේෂත්වයකි. ඔහු දැනට රේඩියෝ නාලිකාවක අලවි විධායක නිළධාරියෙක් කටයුතු කරන අයෙකි. ඔහු මීට මාස කිහිපයකට පෙර ඔහුගේ මාධ්‍ය ආයතනය සහ තවත් මාධ්‍ය ආයතනයක් සමඟ ගැටුමක් ඇති කිරීමටද උත්සහ දරා තිබේ.

වර්තමාන ගැටුම ඇති කිරීමට උත්සහ දරා තිබෙන්නේ ජනප්‍රිය රුපවාහිනී නාලිකාවක වෙබ් අඩවියක් සහ අලුතින් ආරම්භ වීමට නියමිත කෙටි කලක් තුලදී ජනප්‍රියත්වයට පත් රුපවාහිනි නාලිකාවක වෙබ් අඩවියක් සම්බන්ධයෙනි.

නමුත් මේ ගැටුම ඇති කල විගසම එම මාධ්‍යජාල දෙකෙහි ප්‍රධානීන්ගේ අවබෝධය නිසා එම ගැටුම උපන්ගෙයිම සමතයකට පත් කරගැනීමට හැකිවී තිබේ. මන්ද එම ගැටුමේ මුලික පුරුක වූ කලින් සදහන් කල අලවි විධායක නිලධාරියා පිලිබඳ සොයා බැලීමේදී අනාවරණය වුයේ ඔහු තමන් සේවය කරන මාධ්‍ය ආයතනයේ සම්පත් අවභාවිත කරමින් මාධ්‍ය ආයතනයක් ඇරඹීමට උත්සහ දරා ඇති බවයි

ඔහුගේ එම උත්සහ සාර්ථක නොවීමේ ප්‍රථිපලයක් වශයෙන් ඇතිවී තිබෙන අසහනකාරී තත්වය හමුවේ මෙවැනි පහත් අකාරයේ නින්දිත ක්‍රියාවන්ගේ යෙදෙන බව ඔහු සමඟ සම්බන්ධතා පවත්වන පුද්ගලයින් පවසා සිටී. මොහුගේ මෙම ක්‍රියා කලාපය නිසා ඔහු සේවය කරන මාධ්‍ය ආයතනයටද මාධ්‍ය ක්ෂේත්‍රය තුල කළු පැල්ලමක් එක්වෙමින් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

යලිත් මෙවැනි ක්‍රියාවක් සිදුවුවහොත් එම පුද්ගලයාට විරුද්ධව හැකි සෑම අයුරකින්ම නීතිමය පියවර ගැනීම සදහා කටයුතු කරනු ඇති බවට ඉහත කී මාධ්‍ය ආයතන දෙකේ ප්‍රධානින් ආයතන දෙක අතර පවතී සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

0 comments