කොරියාවට ගොස්, එන්න සූදානම් තරුණයෙක් තැබූ අපූරු සටහන
කොරියාවේ රැකියා අවස්ථා ලබා ගන්නට බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. ඒ උනත් හැමදෙනාටම ඒ අවස්ථාව ලැබෙන්නෙත් නෑ.
ශ්‍රමය ඉහල මිලකට කේවල් කරන්නට පුළුවන් කොරියාවට ගියොත්. හැබැයි ඉතින් කට්ට කාගෙන හිටියොත් ආයේ දෙකක් නෑ,, අයෙත් 'චාන්ස්' ගන්නට පුළුවන්. ඕන තරම් එහෙම දියුණු වෙන පිරිස් ඉන්නවා. විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව.
රට ගිය දවසේ ඉඳලා වැඩ කරනවා වගේම ආයේ ගෙදර එන්නටත් දින ගනිනවා.
දෙමව්පියෝ...සහෝදර සහෝදරියෝ....අඹු දරුවෝ වගේම, නෑදෑ හිතමිතුරෝ විතරක් නෙවෙයි ගම රට අත හැරලා දුරු රට ගියාම ඒ තනිකම- පාළුව වැඩිපුර දැනෙනවා. ඒ අත් දැකීම ලබන්නට නම් මුහුදෙන් එහාට යන්නම වෙනවා.
එහෙම දුරු රට ගිහින් වසර ගණනක් සේවය කරලා යළි ලංකාව බලා එන්නට සුදානම් වන අපේ රටේ පිරිස අතරේ මාතර වැලිගම තරුණයෙකුත් ඉන්නවා. ඔහු නමින් තිලිණ මංගල.....
අපේ රටේ කට්ටිය කොහේ ගියත් මිතුරුකම, බැඳියාව මහ ඉහලින් ආරක්ෂා කර ගන්නවා. බොහෝ වෙලාවට ඒ ගුණ-හැඩරුව තමයි අපිව රකින්නෙත්. ලංකාවේ අපේ ඒ ආගන්තුක බැඳීම වචන වලින් කිව හැකිද?
තිලිණ මංගල.....තමන්ගේ සේවා කටයුතු නිල වශයෙන් අහවර කරලා මේ උපන් බිමට එන්නයි සුදානම්.
තිලිණට සැහෙන කාලයක් උදව් කළ තවත් පිරිසක් ඉන්නවා. ඒ... හුස්ම නොවැටෙන.....ලඟින්ම හිටිය පරිවාර සේනාව... ඒ අයව පිළිවෙලකට ගැලපුවා.
අද මේ ටික ගලවල වැඩ ඇරිය.. යන්න ලෑස්ති වෙද්දි ගොඩක් දැනුනා.
තිනර් හා තීන්ත සුවදට හා රහට හුරුවුනු වසර 4 හා මාස 9 කුත් දින 4ක්.
වෙනදට වඩා පිලිවෙලට මගෙ ආම්පන්න ටික ගලවල ආපහු හැරිලත් බැලුනා.
ගොඩක් දේ මග හැරුනු කාලයක්.
අභියෝගයක් වෙනුවෙන් කොරියාවට ගතකල කාලයක්.
මන් කොරියාවට එද්දි දෝනි වඩන් යන වයසේ.
දැන් එයා වඩන් යන්න බැරි තරම් ලොකුයි.
කොරියාවට එද්දි රබර් සෙරෙප්පු දෙකක් ගන්නත් ගාන බැලුවා.
ඒ මගෙ දුප්පත් කමට.
එකල රටේ පාලකය මා ඇතුලු බොහෝ දෙනෙක්ට රැකියා අහිමි කරද්දි අපි ඔක්කොම ශාප කලා.
අද වෙද්දි මගෙ රට නිදහස් රටක්.
මන් කොරියාවට ඇවිත් ගොඩක් අය සතුටින් තිව්වා.
යුතුකම් ගොඩක් කලා.
මේ වෙද්දි මට රස වගේම ගද සුවදත් දැනෙනවා අඩුයි.
ඒක මේ කොරියාවෙන් මම ආපහු රටට අරන් යන දායාද නමුත් මන් ගොඩක් සතුටින්.
කොරියාවෙ නොකරපු බලු වැඩක් නෑ නමුත් මගෙ අරමුන සාර්තකයි.
ස්තුති මා ගෙන්වූ ආයතනයට හා දකුනු කොරියාවට.
නැවත හමුවෙමු.
මේ සොදුරු චාටර් ආයතනයෙම අලුත් කෙනෙක් විදියට.
0 comments