ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුව අද
![](http://4.bp.blogspot.com/-A-oKetaYXJw/Uvz__1a7SsI/AAAAAAAAANY/Pz6S75BmyYc/s1600/ad+1.png)
සමුළුව අද සිට ලබන 31 දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ද සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගි වනු ඇති.
ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශනය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවේදී නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට නියමිත අතර ඒ සඳහා පාකිස්තානය, ඉතියෝපියාව සහ බි්‍රතාන්‍ය යන රටවලින් අපේක්ෂකයින් ඉදිරිපත්වී සිටිනවා.
0 comments